Gossip Lanka News
ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරියගේ උපන්දින සාදය කොළඹ අපරාධ කොට්ඨාසය තුළ සැමරීමට අවශ්‍ය අවකාශ සැලසූ එහි ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත මාරුකර ඇත. පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය විසින් ලබාදුන් නියෝගයකට අනුව මෙම මාරුකිරීම සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී උදය කුමාර වුට්ලර් පැවසීය. එලෙස මාරුකර යවා ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කර බණ්ඩාර විජේතුංගය. එම සිද්ධිය පාදක කරගෙන ජෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් මේ වනවිට 15 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත. ගනේමුල්ලසංජීව නමැති පාතාල කල්ලි නායකයා ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරන ඉෂාරා සෙව් වන්දි නැමැත්තිය සිය 27වැනි උපන්දිනය කේක් ගෙඩියක් කපා කොළඹ අපරාධ කොට්ඨාසයේ කාමරයක් තුළ සැමරීම සඳහා සූදානම් වන බවට කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාට ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක එමා ක්‍රියාව වළක්වා තිබිණි. (සේයාරුව අන්තර්ජාලයෙන්) මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site