Gossip Lanka News
රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් කොලම්බු නමැති සමාගමෙන් ලබාගත් රුපියල් මිලියන 70ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරන ලද නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන 23දා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (02දා) දින නියම කළේය. රග්බි තරගාවලියක් පැවැත්වීම සඳහා 2012 වසරේ ඔක්තෝබර් 15දා සහ 2013 වසරේ ඔක්තෝබර් 14දා අතර කාලය තුළදී රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා වන්නකුවත්ත වඩුගේ දොන් නිමල් හේමසිරි පෙරේරා යන අය මාර්ගයෙන් රුපියල් මිලියන 70ක මුදලක් ගෙන සාවද්‍ය පරිහණය කිරීමේ චෝදනාව යටතේ චූදිතට එරෙහිව චෝදනා ගොනු කර ඇත. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site