Collector
විපක්ෂයේ වගකීම නාමල් රාජපක්ෂ භාරගෙන අවසන්, එය රටම පිළිගන්නවා – මන්ත්‍රී ඩී. වී. චානක | Collector
විපක්ෂයේ වගකීම නාමල් රාජපක්ෂ භාරගෙන අවසන්, එය රටම පිළිගන්නවා – මන්ත්‍රී ඩී. වී. චානක
Gossip Lanka News

විපක්ෂයේ වගකීම නාමල් රාජපක්ෂ භාරගෙන අවසන්, එය රටම පිළිගන්නවා – මන්ත්‍රී ඩී. වී. චානක

මෙරට විපක්ෂයේ සැබෑ වගකීම ඉටුකිරීමේ කාර්යභාරය මේ වන විට නාමල් රාජපක්ෂ මහතා විසින් භාරගෙන ඇති බවත්, එය සමස්ත රටම පිළිගන්නා කරුණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා පවසයි. ඊයේ  (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ නාමල් රාජපක්ෂ මහතා මේ වන විට රටේ යහපත වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වෙමින් සිටින බවයි. එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට වඩා වැඩි මහජන ආකර්ෂණයක් නාමල් රාජපක්ෂ මහතා කෙරෙහි පවතින බව තමන් විශ්වාස කරන බවයි. විපක්ෂයේ කාර්යභාරය නිසි ලෙස ඉටු කිරීමට රජයට එරෙහිව ශක්තිමත් හඬක් නැගීම හා ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීම නාමල් රාජපක්ෂ මහතා අතින් මැනවින් සිදුවන බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site