Collector
ඇමරිකානු F-35 ප්‍රහාරක යානයක් බිම හෙළු බවට ඉරානයෙන් ප්‍රකාශයක්! - යානයේ සිටි ගුවන් නියමුවා සෙවීමට ඉරානය සහ ඇමරිකාව අතර දැඩි තරගයක්! | Collector
ඇමරිකානු F-35 ප්‍රහාරක යානයක් බිම හෙළු බවට ඉරානයෙන් ප්‍රකාශයක්! - යානයේ සිටි ගුවන් නියමුවා සෙවීමට ඉරානය සහ ඇමරිකාව අතර දැඩි තරගයක්!
Gossip Lanka News

ඇමරිකානු F-35 ප්‍රහාරක යානයක් බිම හෙළු බවට ඉරානයෙන් ප්‍රකාශයක්! - යානයේ සිටි ගුවන් නියමුවා සෙවීමට ඉරානය සහ ඇමරිකාව අතර දැඩි තරගයක්!

මධ්‍යම ඉරානයට ඉහළින් පියාසර කරමින් තිබූ ඇමරිකානු පස්වන පරම්පරාවේ F-35 ප්‍රහාරක යානයක් සාර්ථකව බිම හෙළු බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ඊයේ (03) පස්වරුවේ නිවේදනය කළේය. නවීන ගුවන් ආරක්ෂණ පද්ධතියක් මගින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ලොව දියුණුම ප්‍රහාරක යානයක් ලෙස සැලකෙන F-35 යානයක් මෙලෙස විනාශ කළ බවට ඉරානය කළ දෙවන ප්‍රකාශය මෙයයි. බිම හෙලූ ඇමරිකානු එෆ් 15 (F-15) ප්‍රහාරක යානයේ අතුරුදන් වූ ගුවන් නියමුවා සොයා ඇමරිකානු සහ ඉරාන ආරක්ෂක අංශ අතර දැඩි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී. යානයේ සිටි එක් නිලධාරියෙකු බේරාගැනීමට ඇමරිකානු සහායක කණ්ඩායම් සමත් වී ඇති අතර අනෙක් නියමුවාට සිදු වූ දෙය මෙතෙක් අනාවරණය වී නොමැත ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ සිය ආරක්ෂක අංශ ද අදාළ නියමුවා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර ඇති බවයි පර්සියානු ගල්ෆ් කලාපයට ඉහළින් දෙවන ඇමරිකානු ප්‍රහාරක යානයක් ද වෙඩි තබා බිම හෙලූ බවට ඉරානය මෙහිදී තවදුරටත් ප්‍රකාශ කර සිටී හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී පළමු යානයේ නියමුවන් බේරාගැනීමේ මෙහෙයුමක නිරතව සිටි ඇමරිකානු ඒ 10 (A-10) වර්ගයේ ප්‍රහාරක යානයකට ද ඉරානය ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ එම යානයේ නියමුවා යානයෙන් ඉවතට පැන දිවි බේරාගෙන ඇති අතර ඔහුව මුදාගැනීමට ඇමරිකානු හමුදාව සමත් වී තිබේ මේ අතර ටෙහෙරාන් නුවර සහ සිරියාවේ විවිධ ප්‍රදේශවලට තවදුරටත් ප්‍රහාර එල්ල වන ශබ්ද ඇසෙන බව විදෙස් මාධ්‍ය පවසයි ඉරානයේ වානේ නිෂ්පාදන ධාරිතාවයෙන් සියයට 70 ක්ම ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විනාශ වී ඇති බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කරයි ඉරානය සම්පූර්ණයෙන්ම අඩපණ කරන තෙක් ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ප්‍රහාර එල්ල කරන බව නෙතන්යාහු වැඩිදුරටත් පවසා තිබේ මෙම තත්ත්වය මැදපෙරදිග කලාපයේ පවතින යුදමය උණුසුම තවදුරටත් දරුණු අතට හරවා ඇති අතර අතුරුදන් වූ ඇමරිකානු නියමුවා සතුරා අතට පත්වීමට පෙර සොයා ගැනීම ඇමරිකානු හමුදාවේ ප්‍රධානතම අභියෝගය වී ඇත දෙපාර්ශවයම මෙම නියමුවා සොයා ගැනීමට ගන්නා උත්සාහය නිසා කලාපය තුළ තවදුරටත් ගැටුම්කාරී තත්ත්වයන් වර්ධනය වීමේ අවදානමක් පවතී මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site