Collector
සීමාවාසික වෛද්‍යවරුන්ට දෙන කාලය අද දහවල් 12න් අවසන්,දීර්ඝ කිරීමක් කිසිසේත්ම කරන්නේ නෑ – ඇමති නලින්ද ජයතිස්ස | Collector
සීමාවාසික වෛද්‍යවරුන්ට දෙන කාලය අද දහවල් 12න් අවසන්,දීර්ඝ කිරීමක් කිසිසේත්ම කරන්නේ නෑ – ඇමති නලින්ද ජයතිස්ස
Gossip Lanka News

සීමාවාසික වෛද්‍යවරුන්ට දෙන කාලය අද දහවල් 12න් අවසන්,දීර්ඝ කිරීමක් කිසිසේත්ම කරන්නේ නෑ – ඇමති නලින්ද ජයතිස්ස

සීමාවාසික වෛද්‍යවරුන්ට රජයේ සේවයට ඇතුළත් වීම සඳහා අයදුම් කිරීමට ලබාදී ඇති කාලය අද (04 දා) දහවල් 12.00ට අවසන් වන බවත්, ඉන් පසු එම කාලසීමාව කිසිසේත්ම දීර්ඝ නොකරන බව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. යම් වෛද්‍යවරයකු සීමාවාසික පුහුණුවෙන් පසුව අයදුම් නොකළහොත්, ඔහුට රජයේ සේවයට ඇතුළත් විය නොහැකි බව ද ඇමැතිවරයා ප්‍රකාශ කරයි. එසේම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ වැඩ වර්ජනයට කිසිදු සාධාරණ පදනමක් නොමැති බව ද කියා සිටින සෞඛ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, මෙය හුදෙක් දේශපාලනයකට රජය අපහසුතාවයට පත් කිරීමේ චේතනාවෙන් පමණක්ම සිදු කරන්නක් බව ද වැඩිදුරටත් කියා සිටියේය. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site