Collector
AI කතා බොරු - පාස්කු ප්‍රහාරයේ රහස් හෙළි කරන ගම්මන්පිලගේ පොතට සජිත්ගේ සහාය හිමිවෙයි | Collector
AI කතා බොරු - පාස්කු ප්‍රහාරයේ රහස් හෙළි කරන ගම්මන්පිලගේ පොතට සජිත්ගේ සහාය හිමිවෙයි
Gossip Lanka News

AI කතා බොරු - පාස්කු ප්‍රහාරයේ රහස් හෙළි කරන ගම්මන්පිලගේ පොතට සජිත්ගේ සහාය හිමිවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් රචිත පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සෙවීම (Searching for the Mastermind of the Easter Sunday Attacks) නමැති කෘතිය එළිදැක්වීමේ උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් මහතා ඊයේ (04) මාධ්‍ය වෙත තහවුරු කළේය මෙම අවස්ථාවට සහභාගී වූ විපක්ෂ නායකවරයාගේ ඡායාරූපය කෘතිම බුද්ධිය (AI) මඟින් නිර්මාණය කරන ලද්දක් බවට සමාජ මාධ්‍ය හරහා පැතිර ගිය ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයා ද සජිත් ප්‍රේමදාස මහතා මෙම උත්සවයට සහභාගී වූ බව තහවුරු කර ඇති අතර පාස්කු ප්‍රහාරයේ සත්‍යය අනාවරණය කර ගැනීම සඳහා පක්ෂ භේදයකින් තොරව සහාය දැක්වීම විපක්ෂ නායකවරයාගේ අරමුණ වී තිබේ මෙම කෘතිය මඟින් පාස්කු ප්‍රහාරය පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ කරුණු රැසක් ඉදිරිපත් කර ඇති බව පැවසෙන අතර එම තොරතුරු පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමුව ඇත විපක්ෂ නායකවරයා සහ උදය ගම්මන්පිල මහතා එකම වේදිකාවක සිටින ඡායාරූපය සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද විවිධ මතවාද පැනනැගී තිබුණි කෙසේ වෙතත් මෙම නිල තහවුරු කිරීමත් සමඟ එම මතභේදාත්මක තත්ත්වය යම් මට්ටමකට සමනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ මෙම උත්සවය සඳහා සර්වජන බලය පක්ෂයේ නියෝජිතයින් ඇතුළු තවත් දේශපාලන පක්ෂ කිහිපයක ප්‍රධානීන් පිරිසක් ද එක්ව සිටියහ මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site