Collector
iran warning to trump | Collector
iran warning to trump
Gossip Lanka News

iran warning to trump

ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා නව කාල සීමාවක් නියම කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේය. ඒ අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය ලබන අඟහරුවාදා වනවිට විවෘත නොකලහොත් ඉරානයේ බලාගාර සහ පාලම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත. කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම බරපතළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරානය සඳහන් කළේ, බරපතල තර්ජන නිකුත් කරමින් අමෙරිකාව ප්‍රකාශ නිකුත් කළද, ඉරානයට සිදුවූ හානි සඳහා වන්දි ලැබෙන තෙක් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බවයි. මේ අතර ඉරානයේ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් විනාශ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ තර්ජනය ඉරානයේ මධ්‍යම හමුදා අණදෙන නිලධාරියා ප්‍රතික්ෂේප කර ඇත. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site