Gossip Lanka News
ලබන 10 වැනිදාට ප්‍රථම සිය වත්කම් බැරකම් හා පවුලේ වත්කම් බැරකම් දිවුරුම් ප්‍රකාශයක් මඟින් ලබා දෙන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ලිඛිතව දැනුම්දීමක් කර තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ සහ පවුලේ අය සම්බන්ධයෙන් 2010 සිට 2015 දක්වා කාලයේ ආරම්භ කරන ලද පරීක්ෂණයකට අදාළව මෙම ප්‍රකාශ ලබා දෙන ලෙස නොතීසියක් නිකුත් කරමින් අල්ලස් කොමිසම මේ දැනුම් දීම කර ඇත. විමර්ශන දිගු කාලයක් ප්‍රමාද වී ඇති එබැවින් අප්‍රේල් 10 වැනි දිනෙන් පසු අවශ්‍ය තොරතුරු ලබා දීමට රාජපක්ෂ මහතාට තවත් කාලයක් ලබා නොදෙන බව ද අල්ලස් කොමිසම දැනුම් දී තිබේ. දූෂණ විරෝධී පනත යටතේ කොමිසමට පැවරී ඇති බලතල අනුව මෙම නොතීසි නිකුත් කර ඇති අතර, අදාළ කාලසීමාව තුළ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද කොමිසම හිටපු ජනාධිපතිවරයාට දන්වා යවා තිබේ. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site