Gossip Lanka News
හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත නොකළහොත් ඉරාන පාලනයට එරෙහි ප්‍රහාර දැඩි කරන බවත් ඉරානය 'අපායක්' බවට පත් කරන බවටත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තර්ජනයට ඉරානය ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන ලෙස, ඉරානය ඇමෙරිකාවට අනතුරු අඟවා ඇත්තේ ඇමෙරිකාවේ ආක්‍රමණකාරී ක්‍රියා තවදුරටත් ව්‍යාප්ත වුවහොත්, මුළු මැදපෙරදිග කලාපයම 'අපායක්' බවට පත් කරන බවටයි. එසේම ඉරාන හමුදා බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකානු බලපෑම් හමුවේ තමන් පසුබට නොවන බවත්, කලාපීය ස්ථාවරත්වයට එල්ල වන ඕනෑම තර්ජනයකට දැඩිව මුහුණ දෙන බවයි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site