Gossip Lanka News
ලංකාවේ පවුල් හතරක සාමාජිකයන් 37 දෙනෙකු සිරියාවේ ISIS පුහුණුව සඳහා නික්ම ගොස් ඇතැයි 2016 වසරේදී එවක අමාත්‍ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ බව රියද් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර පවසයි. ඒ අවස්ථාවේ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ඊට අවමන් කරමින් එය වෛරී ප්‍රකාශයක් බවට හංවඩු ගසමින් එය යටපත් කළේ මුජිබර් රහුමාන් බවද ඔහු පෙන්වා දෙයි. ඇමති විජේදාස රාජපක්ෂගේ ප්‍රකාශය පසුව තහවුරු වූ බවත් ඒ පිළිබඳ විමර්ශනයට මුජිබර් රහුමාන් ඇතුළු පිරිස බාධා නොකළා නම් පාස්කු ප්‍රහාරය වළක්වාගත හැකිව තිබූ බවද එහෙයින් මුජිබර් රහුමාන් පාස්කු ප්‍රහාරයට ඍජුවම වගකිව යුතු බවද හෙතෙම ප්‍රකාශ කරයි. පාස්කු ප්‍රහාරයට පෙර සහරාන්ගේ මල්ලි බෝම්බයක් තැනීමට ගොස් සිදුවූ පිපිරීමකින් රෝහල්ගත කළ විට ඔහුගේ සුවදුක් බැලීමට ගියේ කවුද, මාවනැල්ලේ බුදුපිළිම කුඩු කළ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම වැළැක්වූයේ කවුද, වනාතමුල්ලේ පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා නිදහස් කිරීමට බල කළේ කවුද, යහපාල ආණ්ඩුව සමයේ තවුහිද් මුස්ලිම් පල්ලි තැනීමට අවසර දුන්නේ කවුද යන්න මුජිබර් රහුමාන් දන්නා බවද සරත් වීරසේකර සඳහන් කරයි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site