Collector
ලිංගික අපරාධකාර ජෙෆ්රි එප්ස්ටයින් ගැන මෙලනියා ට්‍රම්ප් කළ ප්‍රසිද්ධ ප්‍රකාශය සමාජ මාධ්‍ය අන්ද බූත කළ හැටි… | Collector
ලිංගික අපරාධකාර ජෙෆ්රි එප්ස්ටයින් ගැන මෙලනියා ට්‍රම්ප් කළ ප්‍රසිද්ධ ප්‍රකාශය සමාජ මාධ්‍ය අන්ද බූත කළ හැටි…
Gossip Lanka News

ලිංගික අපරාධකාර ජෙෆ්රි එප්ස්ටයින් ගැන මෙලනියා ට්‍රම්ප් කළ ප්‍රසිද්ධ ප්‍රකාශය සමාජ මාධ්‍ය අන්ද බූත කළ හැටි…

2026 අප්‍රේල් 9 වන දින කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අතිශය අසාමාන්‍ය පියවරක් ගනිමින්, අමෙරිකානු ජනාධිපති ආර්ය මෙලානියා ට්‍රම්ප් ධවල මන්දිරයේ ග්‍රෑන්ඩ් ෆොයර් (Grand Foyer) හි පිහිටි පීඨිකාවට පැමිණියාය.  එසේ පැමිණියේ විශේෂ ප්‍රසිද්ධ  ප්‍රකාශයක් කිරීම සඳහාය. එම ප්‍රකාශය සම්බන්ධව ඇයට පූර්ව සැලසුමක් තිබුණ බවක් නොපෙනුනි. කොටින්ම කිවහොත් ඇය ප්‍රකාශයක් කරන බව  ඇගේ සැමියා  ඩොනල්ඩ් ට්‍රම්ප් පවා දැන සිටියේ නැත.   මේ ප්‍රකාශයෙන් පසු එය ඇසූ ඇසූවන් මවිත වුනේය.  කිසිදු නව අධිකරණ ගොනු කිරීමක්, ලේඛන මුදා හැරීමක් හෝ ප්‍රධාන මාධ්‍ය අනාවරණයක් සිදු නොවූ පසුබිමක, මෙලානියා විසින් නැසීගිය ලිංගික අපරාධකරු ජෙෆ්රි එප්ස්ටයින් සමඟ තමන්ට කිසිදු වැදගත් සම්බන්ධයක් නොමැති බව තරයේ ප්‍රකාශ කර සිටියාය.  වාර්තා වුන පරිදි ඒ කතාව ඇසූ ට්‍රම්ප් පවා මවිත වී තිබිණි. මෙලනියා එක දිගටම  කියාගෙන ගියේ මෙසේය. තමන් කිසිවිටෙකත්  ජෙෆ්රි එප්ස්ටීන්ගේ මිතුරියක නොවූ  බවය.  ඔහුගේ ගුවන් යානයක ගමන් කර නොමැති බවය.  ඔහුගේ පෞද්ගලික දූපතට ගොස් නොමැති බවය.  ඔහුගේ අපරාධ පිළිබඳව කිසිදු දැනුමක් නොතිබූ  බවය. ඇය මේ කතා කීවේ අවධාරණාත්මකවය. මෙලනියා කියන්නේ මොනවාදැයි කවුරුත් බලාගෙන හිටියේ තක්කු බුක්කු වෙලාය. සිද්ධිය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වේදිකාවල දැඩි කතාබහක් ඇති විය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මාධ්‍යවේදීන්ට පවසා සිටියේ මෙම ප්‍රකාශය පිළිබඳව තමන් කලින් කිසිවක් දැන නොසිටි බවය. හිටපු ධවල මන්දිර නිලධාරියෙකු ප්‍රකාශ කළේ මෙය ජනාධිපතිවරයාට පවා කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සිදු වූවක් විය හැකි බවය. මෙලනියාගේ ප්‍රකාශය සූදානම් කළ කරුණු කිහිපයක් කියවමින් මෙලානියා මෙසේ ප්‍රකාශ කළාය: “නින්දිත ජෙෆ්රි එප්ස්ටයින් සමඟ මා සම්බන්ධ කරමින් පතුරුවන අසත්‍යයන් අදින් අවසන් විය යුතුයි.” ජෙෆ්රි එප්ස්ටීන්… එප්ස්ටයින් විසින් ඇයව ඩොනල්ඩ් ට්‍රම්ප්ට හඳුන්වා දුන් බවට පැතිර යන කටකතා ප්‍රතික්ෂේප කළ ඇය, තමන්ට තම සැමියාව මුණගැසුණේ 1998 වසරේ නිව්යෝර්ක් නුවර පැවති සාදයකදී අහම්බෙන් බවත්, එය තම ‘MELANIA’ නම් ස්වයං චරිතාපදානයේ විස්තරාත්මකව සඳහන් කර ඇති බවත් පැවසුවාය. නිව්යෝර්ක් සහ පාම් බීච් සමාජ කවයන් තුළ ඉඳහිට මුණගැසීම් සිදු වූ බව පිළිගත්තද ඇය  මෙසේ අවධාරණය කළාය., “එප්ස්ටයින් ඔහුගේ ගොදුරු බවට පත් වූවන්ට කළ අපයෝජන පිළිබඳව මම කිසිදු දැනුමක් ලබා තිබුණේ නැහැ. මම කිසිම ධාරිතාවකින් එයට සම්බන්ධ වී නැහැ.  කිසි විටෙකත් එප්ස්ටයින්ගේ යානයේ ගොස් නැහැ, ඔහුගේ පෞද්ගලික දූපතට ගොස් නැහැ” යනුවෙනි. 2002 වසරේ ගිස්ලේන් මැක්ස්වෙල් සමඟ සිදු වූ ඊමේල් හුවමාරුවක් ගැන ද අදහස් දැක්වූ මෙලනියා, එය හුදු “සුළු සටහනක්” පමණක් බවත්, සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ ඡායාරූප සහ ප්‍රකාශ සාවද්‍ය බවත් පෙන්වා දුන්නාය. එප්ස්ටයින්ට අදාළ කිසිදු අධිකරණ ලේඛනයක, දිවුරුම් ප්‍රකාශයක හෝ FBI ප්‍රශ්න කිරීමක ඇගේ නම සඳහන් වී නොමැති බව ඇය සඳහන් කළ අතර, මීට පෙර අපහාසාත්මක ප්‍රකාශ කළ ආයතනවලට එරෙහිව තමන් ලැබූ නීතිමය ජයග්‍රහණ ද සිහිපත් කළාය. එහිදී ඇය අනපේක්ෂිත ඉල්ලීමක් කරමින්, එප්ස්ටයින්ගේ ගොදුරු බවට පත් වූවන්ට කොංග්‍රස් මණ්ඩලය හමුවේ සාක්ෂි දීමට අවස්ථාව ලබා දෙන ලෙසත්, එම සාක්ෂි කොංග්‍රස් වාර්තාවට ඇතුළත් කරන ලෙසත් ඉල්ලා සිටියාය. සමාජ මාධ්‍ය කැළඹූ අමන්දා උන්ගාරෝගේ හෙළිදරව්ව මෙලානියාගේ ප්‍රකාශයෙන් සුළු මොහොතකට පසු, අමන්දා උන්ගාරෝ (Amanda Ungaro) නම් බ්‍රසීල ජාතික හිටපු නිරූපිකාවකගේ X (ට්විටර්) ගිණුම වෙත කාගේත් අවධානය යොමු විය. දශක දෙකක් තිස්සේ මෙලානියාගේ සමීපතම කවයට සම්බන්ධව සිටි බව පවසන ඇය, මෙලානියාට දැඩි අනතුරු ඇඟවීම් කර තිබුණි. එක් සටහනක ඇය මෙසේ පවසා තිබුණි: “හලෝ මෙලානියා, මම අවුරුදු 20ක් ඔයාලා ළඟ හිටියා… ඒ නිසා මා ගැන කතා කරන විට කට පියාගෙන ඉන්න. මොකද මම දන්න හැම දෙයක්ම මම හෙළි කරනවා.” තවත් පණිවුඩයකින් ඇය මෙලානියාට සහ ඇගේ “ළමා අපචාරක සැමියාට” එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට අනතුරු අඟවා තිබුණි. තමන් ද එප්ස්ටයින්ගේ ගොදුරක් බව පවසන උන්ගාරෝ, 2002 වසරේදී තමන් 17 හැවිරිදි වියේ පසුවන විට එප්ස්ටයින්ගේ ගුවන් යානයේ ගමන් කළ බවට ලේඛන ඇති බව කීවාය. තමන් මෙලානියාගේ දෙමාපියන් සමඟ සමීපව සිටි බවත්, තම පුත්‍රයාට මෙලානියා විසින් සුබ පැතුම් පවා එවූ බවත් ඇය  කීවාය. අමන්දා උන්ගාරෝ මන්දා උන්ගාරෝ කවුද? ඇගේ බලපෑම කුමක්ද? 41 හැවිරිදි අමන්දා උන්ගාරෝ යනු මෙලානියා   ඩොනල්ඩ් ට්‍රම්ප්ට හඳුන්වා දුන් බව කියන නිරූපණ නියෝජිත පාවුලෝ සැම්පොලිගේ හිටපු සහකාරියයි. 2025 වසරේදී වංචා චෝදනා මත ICE (ආගමන හා විගමන අංශය) මගින් ඇයව රඳවා තබා ගත් අතර, පසුව ඇයව බ්‍රසීලයට පිටුවහල් කරන ලදී. තමන්ව පිටුවහල් කිරීමට ට්‍රම්ප්ගේ දේශපාලන හිතවතුන් බලපෑම් කළ බවට ඇය චෝදනා කරයි. ඇයගේ මෙම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය නිසා, මෙලානියාගේ ප්‍රකාශය එම චෝදනාවලට පෙර සූදානමක් ලෙස බොහෝ දෙනා දකිති. එප්ස්ටයින් සිද්ධියෙන් දිවි ගලවා ගත්තවුන් මෙලානියාගේ මෙම ප්‍රකාශය විවේචනය කරමින් පවසන්නේ, මෙය සත්‍ය සිදුවීම්වලින් ජනතා අවධානය වෙනතකට යොමු කිරීමේ උත්සාහයක් බවයි. බීබීසී, ද ගාඩියන්, එන්පීආර් සහ සීඑන්එන් වැනි ප්‍රධාන මාධ්‍ය ආයතන මෙය “විස්මිත” සහ “අමුතු” සිදුවීමක් ලෙස හඳුන්වා දී ඇත. මෙලානියා විසින් සියල්ල ප්‍රතික්ෂේප කළද, 2000 වසරේදී මාර්-ඒ-ලාගෝ හිදී එප්ස්ටයින් සමඟ සිටින ඡායාරූප සහ 2002 වසරේ මැක්ස්වෙල් සමඟ සිටින ඡායාරූප නැවතත් කරළියට පැමිණ තිබේ. 2026 අප්‍රේල් 10 වන විටත් මෙම සිදුවීම වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර, අමන්දා උන්ගාරෝ සිය හෙළිදරව් කිරීම් නතර කරන පාටක් පෙනෙන්නට නැත. මෙලානියාගේ පාර්ශ්වය පවසන්නේ මෙය තම කීර්ති නාමය රැක ගැනීමට ගත් පියවරක් බවය. කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය හරහා කටකතා අඩුවන්නේ ද නැතහොත් තවදුරටත් වර්ධනය වන්නේ ද යන්න ඉදිරි කාලයේදී තීරණය වනු ඇත. -කපිල කේ හීනටියන

Go to News Site