Gossip Lanka News
පාස්කු මහ මොළකරු සෙවීම අවුරුදු ක්‍රීඩාවක් බවට පත්කළ යුතු බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර පවසයි. ස්වාධීන රූපවාහිනි නාලිකාවේ දේශපාලන වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී එම වැඩසටහනට එක්ව සිටි සජබ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වරුණ රාජපක්ෂ විසින් එම ප්‍රකාශයට සිය විරෝධය පළ කළේය. රටේම ජනතාවට තවමත් ඉතා අඳුරු මතකයක් වූ පාස්කු ප්‍රහාරය මෙලෙස සමච්චලයට ගැනීම පිළිබඳ සිය කණගාටුව පළ කරන බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය. - emanisa මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site