Gossip Lanka News
ශ්‍රී ලංකාවේ රැකවරණය යටතේ සිටි ඉරාන නාවික හමුදාවට අයත් නාවිකයින් 240 දෙනෙකු ඊයේ (14) ඉරානය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ. මෙලෙස රැගෙන ගොස් ඇත්තේ, මෙරට ආසන්න මුහුදු තීරයේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ ඉරානයේ ‘IRIS Dena’ නෞකාවේ සිට බේරා ගත් ඉරාන නාවිකයින් 32ක් සහ ඉරානය නාවික හමුදාවට අයත් ‘IRIS Bushehr’ නෞකාව සිටි 204ක් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පවසයි. මෙම නාවික පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් විශේෂ ‘ටර්කිෂ්’ ගුවන් යානයක් මගින් පිටත් කර හැරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site