Gossip Lanka News
ජාතික ජන බලවේගය බලයට පත් කිරීම සඳහා ප්‍රබලව පෙනී සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අජිත් පෙරේරා , වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක සහ අනතුරු ඇඟවීමේ ස්වරූපයෙන් යුත් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. තම සමාජ මාධ්‍ය ගිණුම හරහා අදහස් දක්වමින් ඔහු අවධාරණය කර ඇත්තේ, මෙම පාලනයට “පුහුණු කාලයක්” (Training Period) ලබාදීමට ජනතාව සූදානම් නැති බවයි. ආණ්ඩුව පත්වීමෙන් පසු සිදුවන ඇතැම් වැරදි සහ අඩුපාඩු දෙස බලන විට, මේවා අත්දැකීම් මත විසඳෙනු ඇතැයි සිතිය හැකි වුවත්, එවැනි පුහුණු කාලයක් ඉල්ලා සිටීමට ආණ්ඩුවට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව ඒ මහතා පෙන්වා දෙයි. දශක ගණනාවකට පසු ජනතාව ගත් තීරණය පිළිබඳව ඔවුන්ට කනගාටු වීමට ඉඩ නොතබන ලෙස ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. සියලු තනතුරුධාරීන්ට සහ දේශපාලන අධිකාරියට සෘජු පණිවිඩයක් නිකුත් කරන ඔහු පවසන්නේ, තමන්ට පැවරුණු වගකීම 100% ක්ම ඉටු කිරීමට නොහැකි බව වැටහෙන ඕනෑම මොහොතක වහාම ධුරවලින් ඉවත් විය යුතු බවයි. “තමුන්ට පැවරුණු වගකීම හරියටම කරන්න… බැරි නම් ඒ බව දැනුණු විගසම ඉවත්වෙන්න, බිමට බහින්න. මේකේ එල්ලිලා ඉන්න හදන්න එපා.” ආණ්ඩුවට එරෙහිව නැගෙන විරෝධතා සහ විපක්ෂයේ හැසිරීම් අසාධාරණ නොවන බවත්, පීඩාවට පත් වූවන්ගේ වේදනාව සාධාරණ බවත් පෙන්වා දෙන ඔහු තවදුරටත් මෙසේ සඳහන් කරයි. “දෙකෝටියක් ජනතාවගේ ඉරණම පිළිබඳ වගකීම නිසි ලෙස ඉටු කිරීමට අපොහොසත් වුවහොත්, ඒ වෙනුවෙන් ලැබෙන දඬුවම දිරවා ගැනීමට අමාරු වනු ඇත.” මෙම ප්‍රකාශය මාලිමා රජය බලයට පත් කිරීම සඳහා කැප වූ අභ්‍යන්තර පාර්ශවයන් තුළ පවා පවතින නොසන්සුන්කාරී බව සහ පාලනය පිළිබඳ ඇති වී තිබෙන සැකය පිළිබඳ කැඩපතක් බඳු යැයි දේශපාලන විචාරකයෝ මත පළ කරති. -newshub
Go to News Site