Collector
aruna jayasekara | Collector
aruna jayasekara
Gossip Lanka News

aruna jayasekara

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ක්‍රියාත්මක කෙරෙන විමර්ශන කටයුතු අපක්ෂපාතීව සහ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමට නම්, වත්මන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාව එම තනතුරෙන් ඉවත් කරන ලෙස රොහාන් ද සිල්වා පියතුමා පාලනාධිකාරියෙන් ඉල්ලා සිටියි. සමාජය හා සාමයික කේන්ද්‍රය විසින් කොළඹදී සංවිධානය කරන ලද විශේෂ උත්සවයකට සහභාගී වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ. "ප්‍රහාරයෙන් වසර 7කට පසු විමර්ශන යම් සාධනීය දිශානතියකට යොමුවෙමින් පවතින බව පෙනී යන නිසා විමර්ශන සාධාරණය සිදුකරීමට අවශ්‍ය වටපිටාව සැකසීම සඳහා ආන්දෝලනාත්මක සයින්දමර්දු සිදුවීම්වල අවස්ථාවේ නැගෙනහිර පළාත් ආඥාපතිව සිටි වත්මන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා විමර්ශන අවසන් වනතෙක් අදාළ තනතුරෙන් ඉවත් කරන්න කියලා ඉල්ලා සිටිනවා." 'මතකය, වේදනාව සහ බලාපොරොත්තුව, වසර 07 කට පසු යුක්තිය සොයා' යන තේමාව යටතේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ වාර්තාවක් ජනගත කිරීම වෙනුවෙන් මෙම සම්මන්ත්‍රණය පවත්වා තිබුණි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site