Collector
ජොන්ස්ටන්ගේ ලක්ෂ දෙක හමාරේ සොරකම සුළු දෙයක්...ආණ්ඩුව පාඩු පිට පළිගන්නවා - නාමල් | Collector
ජොන්ස්ටන්ගේ ලක්ෂ දෙක හමාරේ සොරකම සුළු දෙයක්...ආණ්ඩුව පාඩු පිට පළිගන්නවා - නාමල්
Gossip Lanka News

ජොන්ස්ටන්ගේ ලක්ෂ දෙක හමාරේ සොරකම සුළු දෙයක්...ආණ්ඩුව පාඩු පිට පළිගන්නවා - නාමල්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පෙරේදා දිනයේදී මහර බන්ධනාගාරය වෙත ගොස් තිබේ. එම අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ වටිනාකමක දේවල් සොරකම් කළ බව කියන සිදුවීමක් වෙනුවෙන් ආණ්ඩුව මේ වන විට රුපියල් ලක්ෂ පහළොවකට අධික මුදලක් වැය කර ඇති බවයි. එසේම මෙය රජය විසින් පාඩු ලබමින් සිදු කරන හුදු දේශපාලන පළිගැනීමක් පමණක් බවද ඔහු එහිදී අවධාරණය කළේය. හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ ලංකා සතොස ආයතනයට අයත් ලොරි රථ මෙන්ම රියදුරන්ද යොදාගනිමින් රජයේ මුදල් සහ දේපළ සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීමයි. සතොස ලොරි රථයක් මෙලෙස අවභාවිත කිරීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදු කරන ලද පරීක්ෂණයකට අදාළව අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබේ. ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අමතරව ජොහාන් ප්‍රනාන්දු, ජෙරම් ප්‍රනාන්දු මෙන්ම සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකාරවරයෙකුද මේ යටතේ යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මීට අමතරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්ද ජොන්ස්ටන්‍ට වෙනම නඩුවක් ගොනු කර තිබේ. ඉන් චෝදනා කර ඇත්තේ 2010 වසරේ සිට 2014 වසර දක්වා වූ කාලවකවානුව තුළ වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සතොස සේවකයින් සිය නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යෙදවීම හරහා රජයට මූල්‍යමය පාඩුවක් සිදු කර ඇති බවයි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site