Gossip Lanka News
හිරු නාලිකාව විසින් අසත්‍ය තොරතුරු වාර්තා කිරීම මගින්, එහි විකාශන බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කර ඇත්දැයි වහාම සොයාබලන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා විසින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස දීර්ඝ කරුණු දැක්වීමක් යටතේ ලිපියක් යොමුකරමින් පෙන්වාදී ඇත්තේ හිරු මාධ්‍ය නාලිකාව පුනපුනා සිදුකළ බරපතල වගකීම් විරහිත ජනමාධ්‍ය භාවිතය හේතුවෙන් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට මෙන්ම සමස්ත ජාතික ආරථිකයටද විශාල හානියක් සිදුව ඇති බවයි. එමනිසා හිරු නාලිකාවේ බලපත්‍ර කොන්දේසි පිළිබඳව සලකා බැලීමට අමතරව, එහි කටයුතු නියාමක අධික්ෂණයකට ලක්කළ යුතු බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ලිපියෙන් අවධාරණය කර ඇත. පහතින් දැක්වෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනමාධ්‍ය අමාත්‍යංශයට යොමුකළ එම ලිපියයි.
Go to News Site