Collector
තමන්ගේ හිතවතුන් ආරක්ෂා කිරීම සඳහා රණවිරු ලේබලය තුළ ඔවුන් සැඟවීමට උත්සාහ කරනවා – කාදිනල් හිමි | Collector
තමන්ගේ හිතවතුන් ආරක්ෂා කිරීම සඳහා රණවිරු ලේබලය තුළ ඔවුන් සැඟවීමට උත්සාහ කරනවා – කාදිනල් හිමි
Gossip Lanka News

තමන්ගේ හිතවතුන් ආරක්ෂා කිරීම සඳහා රණවිරු ලේබලය තුළ ඔවුන් සැඟවීමට උත්සාහ කරනවා – කාදිනල් හිමි

ආරක්ෂක අංශවල සිටි හෝ රණවිරුවන් ලෙස හඳුන්වනු ලබන පුද්ගලයන් ඝාතන හෝ අපරාධවලට සම්බන්ධ වී ඇත්නම්, ඔවුන්ට එරෙහිව ද දැඩිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අවධාරණය කරති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ එවැනි පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම “දේශද්‍රෝහී වීමක්” ලෙස හුවාදැක්විය නොහැකි බවයි. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් වූ ජනතාවට සාධාරණය ඉටුවීම ඔවුන්ගේ අයිතිවාසිකමක් බවත්, ඇතැම් පිරිස් තමන්ගේ හිතවතුන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන් “රණවිරු” ලේබලය තුළ සැඟවීමට උත්සාහ කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ. එම උත්සාහය ඉතා නින්දිත ක්‍රියාවක් ලෙස කාදිනල් හිමිපාණන් මෙහිදී විවේචනයට ලක් කළහ. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී කිසිදු තරාතිරමක් නොබලා වැරදිකරුවන්ට දඬුවම් ලබා දීම මගින් පමණක් වින්දිතයන්ට සාධාරණය ඉටු කළ හැකි බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටිති. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site