Gossip Lanka News
ශ්‍රී ලංකාව විසින් ඕස්ට්‍රේලියාවට සිදුකළ යුතු ගෙවීම් වල අක්‍රමිකතාවයන් පිළිබඳව සිදුකරන විමර්ශනයට, ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඊට සහය වන ඕස්ට්‍රේලියානු නිලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බව මෙරට පිහිටි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. X නිවේදනයක් මගින් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය වීමට ඕස්ට්‍රේලියාව තවදුරටත් කැපවී සිටින බවයි. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්‌කරුවන් විසින් සිදුකල සොරකමක් සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංර්වධන අමාත්‍යංශය විසින් නීතිය බලාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් ආයතන වෙත දැනටමත් පැමිණිලි කර තිබේ. 2026 ජනවාරි මාසය තුළදී, විදේශ මුදල් ප්‍රමාණයක් ගෙවීම පිළිබඳ හඳුනාගත් තොරතුරු අනුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (SL-CERT) හා ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය (Computer Crime Investigation Division) වෙත දැනුවත් කර ඇත. ඒ ඔස්සේ කරන ලද පරීක්ෂණ වලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිලි කිරීම සිදු කර තිබේ. එමෙන්ම මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) වෙත ද මේ පිළිබඳව පැමිණිලි කර ඇත.
Go to News Site