Gossip Lanka News
මහා භාණ්ඩාගාරයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදය හමුවේ ජාතික ජන බලවේගය (NPP) අභ්‍යන්තරයේ දැඩි උණුසුම් වාද විවාද හටගෙන ඇති බව වාර්තා වේ. පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී පැවති සාකච්ඡාවලදී මෙම සිදුවීම සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන් පැහැදිලි හා විධිමත් ප්‍රකාශයක් වහාම ඉදිරිපත් කළ යුතු බවට පක්ෂ අභ්‍යන්තරයෙන්ම ප්‍රබල ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. විපක්ෂය විසින් එල්ල කරනු ලබන බරපතළ චෝදනාවලට ආණ්ඩු පක්ෂය ලෙස සාර්ථකව පිළිතුරු දීමට මෙතෙක් ප්‍රමාණවත් කරුණු අනාවරණය වී නොමැති වීම පිළිබඳව එහිදී පක්ෂ ක්‍රියාකාරීන් සිය නොසතුට පළ කර ඇත. මේ සම්බන්ධයෙන් වෘත්තිකයන් සහ මැති ඇමතිවරුන් වහා මැදිහත් වී සත්‍ය තත්ත්වය රටට හෙළි කළ යුතු බවට ද එහිදී අවධාරණය කෙරිණි. එමෙන්ම, මෙම මූල්‍ය අර්බුදය මුල් කරගනිමින් විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බවට ලැබී ඇති තොරතුරු හමුවේ, ඊට මුහුණ දෙන ආකාරය පිළිබඳව ද පක්ෂ ප්‍රධානීන් අතර විශේෂ අදහස් හුවමාරුවක් සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site