Collector
ක්‍රිකට් ආයතනයේ හදිසි විධායක සභා රැස්වීමක් අද... සියලුදෙනා ඉල්ලා අස්වේ! - අනතුරුව නිල ප්‍රකාශයක්! | Collector
ක්‍රිකට් ආයතනයේ හදිසි විධායක සභා රැස්වීමක් අද... සියලුදෙනා ඉල්ලා අස්වේ! -  අනතුරුව නිල ප්‍රකාශයක්!
Gossip Lanka News

ක්‍රිකට් ආයතනයේ හදිසි විධායක සභා රැස්වීමක් අද... සියලුදෙනා ඉල්ලා අස්වේ! - අනතුරුව නිල ප්‍රකාශයක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ හදිසි විධා­යක සභා රැස්වී­මක් අද කැඳවා ඇති අතර, එහිදී සියලු සාමා­ජි­ක­යන් සිය තන­තු­රු­ව­ලින් ඉල්ලා අස්වීම හා ඉදිරි හදිසි ක්‍රිකට් නිල­ව­ර­ණ­ය­කට අව­ස්ථාව සැල­සීම පිළි­බඳ සාක­ච්ඡා­වනු ඇතැයි රජයේ ‘දිනමිණ’ පුවත්පත වාර්තා කරයි. මේ හදිසි විධා­යක සභා රැස්වී­මෙන් අන­තු­රුව තන­තු­රු­ව­ලින් ඉල්ලා අස්වීම් පිළි­බඳ නිල ප්‍රකා­ශය නිකුත් කරනු ඇතැයි පැවසේ. පසු­ගිය වසරේ පැවති නිල­ව­ර­ණ‍යේදී සභා­පති තන­තු­රට පත් වූ ෂම්මි සිල්වා ඇතුළු වත්මන් විධා­යක කමිටු නිල­ධා­රීන්ගේ ධුර කාලය ලබන වසර දක්වා ක්‍රියා­ත්ම­කව පව­තින අතර, එසේ තිබි­යදී ඉදිරි නිල­ව­ර­ණ­යක් පිළි­බඳ සාක­ච්ඡා­වක් මතුව තිබීම විශේ­ෂ­ත්ව­යකි. වත්මන් ක්‍රිකට් ආය­තන සභා­පති ෂම්මි සිල්වා ඇතුළු ක්‍රිකට් විධා­යක සභා­වෙන් අන­තු­රුව, ශ්‍රී ලංකා ක්‍රිකට් පරි­පා­ල­නය සඳහා කෙටි­කා­ලීන අතුරු පාලක කමි­ටු­වක් පත්කිරී­මට නිය­මි­තව ඇති අතර, අදාළ අතුරු කමි­ටුව සඳහා ප්‍රවීණ හිටපු ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ගේ නම් කිහි­ප­යක් යෝජනා වී ඇති බව වාර්තා වේ. එම අතුරු පාලක කමි­ටුව විසින් විශේෂ මහ සභා රැස්වී­මක් කැඳවා නිල­ව­රණ කමි­ටු­වක් පත්කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි නිල­ව­ර­ණය සංවි­ධාන කළ යුතු වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ සභා­පති ෂම්මි සිල්වා මුල් වරට 2019 වසරේ පෙබ­ර­වාරි මාසයේ දී ක්‍රිකට් සාමා­ජික සංග­ම්වල බහු­තර ඡන්ද­යෙන් තේරී පත්වූ අතර, එහිදී ඔහු ඡන්ද 83ක් හා ජයන්ත ධර්ම­දාස ඡන්ද 56ක් හිමි­කර ගත්හ. සභා­පති තන­තු­රට තරග කිරී­මට කල් ඇතිව සූදා­න­මින් සිටි මොහාන් ද සිල්වාගේ නාම­යෝ­ජ­නාව ප්‍රති­ක්ෂේප වීමෙන් ෂම්මි සිල්වා සභා­පති සට­නට පිවිස ජය ගැනීම එම නිල­ව­ර­ණයේ විශේෂ සිදු­වී­මක් විය. අන­තු­රුව 2021දී යළිත් ක්‍රිකට් සභා­පති තන­තු­රට ෂම්මි සිල්වා පත්වූ අතර, එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සියලු සාමා­ජික සංගම් තර­ග­ය­කින් තොරව ඔහුව ක්‍රිකට් මුල් පුටුව කරා රැගෙන ආවේය. ඉති­හා­සය පුරා ක්‍රිකට් නිල­ව­ර­ණ­ව­ලදී තර­ග­ය­කින් තොරව බහු­තර සංග­ම්වල කැමැත්ත මත ශම්මි සිල්වා ක්‍රිකට් සභා­පති තන­තු­රට තුන්ව­තා­වක් පත්වීම කැපී­පෙ­නිණි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site