Gossip Lanka News
ලංකා බැංකුවේ මධ්‍යම මෙහෙයුම් අංශයේ පද්ධති දෝෂයක් හේතුවෙන් රුපියල් කෝටි 26කට අධික මුදලක් අදාළ නොවන පාර්ශවයන් වෙත වැරදීමකින් ප්‍රේරණය වී ඇති බව වාර්තා වේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ලංකා බැංකුව විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ නැගෙනහිර පළාත් අධ්‍යක්ෂවරයා වෙත නිල වශයෙන් දැනුම් දී ඇත. පසුගිය 2024 දෙසැම්බර් 30 වන දින සිදු කරන ලද 'ස්ලිප්ස්' අරමුදල් හුවමාරු ගොනුවක සිදුවූ අනුපිටපත් දෝෂයක් හේතුවෙන්, 2026 ජනවාරි 23 වන දින රුපියල් 263,529,072.11ක මුදලක් බැංකුවේ අභ්‍යන්තර ගිණුමකින් මෙලෙස බැහැර වී තිබේ. බැංකුව විසින් අදාළ දෝෂය හඳුනා ගැනීමෙන් පසු එම අරමුදල් යළි කැඳවීමට කටයුතු කර ඇතත්, තවමත් රුපියල් 51,053,326.59ක මුදලක් අයකර ගැනීමට නොහැකි වී ඇත. මෙම මුදල් පහත සඳහන් වාණිජ බැංකුවල පවත්වාගෙන යනු ලබන විවිධ ඉදිකිරීම් ආයතනවල ගිණුම් වෙත බැර වී ඇති බව බැංකුව පවසයි. *එන්.ඩී.බී. බැංකුව : සින්තා කන්ස්ට්‍රක්ෂන් *සම්පත් බැංකුව: හිම්මා කන්ස්ට්‍රක්ෂන්, ආර්.එස්. ලංකා ඉංජිනියරින් සහ එම්.එම්.ආර්. කන්ස්ට්‍රක්ෂන් *කොමර්ෂල් බැංකුව: රක්ෂි කන්ස්ට්‍රක්ෂන්, කාර්ෂිකා කන්ස්ට්‍රක්ෂන් සහ ඒ.ඩී. හේරත් ඉංජිනියරින් *මහජන බැංකුව: ඒ.අයි. රමේෂ් සහ කාමරසිංහම් යන අයගේ ගිණුම් *අමානා බැංකුව: ගාමා කන්ස්ට්‍රක්ෂන් මෙම අහිමි වූ මුදල් නැවත ලබා ගැනීම සඳහා අදාළ ආයතන හා සම්බන්ධ වෙමින් අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකර දෙන ලෙස ලංකා බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරීවරයා (මධ්‍යම මෙහෙයුම්) මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටියි. බැංකු පද්ධතියක මෙවැනි බරපතල දෝෂයක් සිදුවීම සහ වසරකටත් වඩා පැරණි ගනුදෙනු දත්ත පදනම් කරගනිමින් මෙලෙස මුදල් බැහැර වීම මූල්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වී තිබේ. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site