Collector
ශ්‍රී ලංකාවේ 10 වන විධායක ජනාධිපති දිලිත් ජයවීර! | Collector
ශ්‍රී ලංකාවේ 10 වන විධායක ජනාධිපති දිලිත් ජයවීර!
Gossip Lanka News

ශ්‍රී ලංකාවේ 10 වන විධායක ජනාධිපති දිලිත් ජයවීර!

කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී ඊයේ (01) පැවති සර්වජන බලය මැයි දින රැලිය අමතමින් එම පක්ෂයේ ජාතික සංවිධායක මෙන්ම හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාවේ 10 වන අභිමානවත් විධායක ජනාධිපතිවරයා ලෙස ප්‍රකට ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පත්වනු ඇති බවයි. එම මැයි දින සැමරුම් උළෙලට එක්වෙමින් සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා වත්මන් රජය දැඩි ලෙස විවේචනයට ලක් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලනයට තවදුරටත් අනාගතයක් නොමැති බවත්, වත්මන් ආණ්ඩුව ඉතා කෙටි කාලයක් තුළ මෙරට විශාලතම දූෂණ සිදුකර ඇති බැවින් ඔවුන්ට තවදුරටත් අදූෂිත බවක් ගැන කතා කළ නොහැකි බවත් ඔහු අවධාරණය කළේය. මෙවර මැයි දිනය අතිශය ඛේදජනක පසුබිමක් යටතේ සැමරීමට සිදුව ඇති බව පැවසූ ඒ මහතා, හැකර්වරුන් විසින් ඩොලර් මිලියන ගණනක් සොරාගැනීමේ සිද්ධියක සත්‍යය හෙළිකළ මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙකු අබිරහස් ලෙස මියයාම ඊට නිදසුනක් ලෙස පෙන්වා දුන්නේය. දියුණු ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමින් රට හැරයාමට සිතන තරුණ පරපුරට නව බලාපොරොත්තුවක් ලබාදීම සහ කලාපීය මෙන්ම ගෝලීය වශයෙන් ගැළපෙන ආර්ථික, දේශපාලනික පරිසරයක් නිර්මාණය කිරීම සිය පක්ෂයේ අරමුණ බව දිලිත් ජයවීර මහතා පැවසීය. සර්වජන බලය පක්ෂය අනිවාර්යයෙන්ම ඉදිරියේදී බලය ලබාගන්නා බවට දැඩි විශ්වාසය පළකළ නායකයා, රටට ආදරය කරන සියලු පාර්ශ්ව කොන්දේසි විරහිතව එක්කර ගනිමින් වත්මන් ආණ්ඩුව සහ එයට සහය දක්වන බලවේග පරාජය කරන බවට ප්‍රතිඥා දුන්නේය. ජනතාවට සත්‍යය අවබෝධ කරදීම සඳහා දත්ත සහ කරුණු සහිතව ගමට ගොස් ජනතාව දැනුවත් කරමින් ඔවුන්ව අභිප්‍රේරණය කරන ලෙස ඔහු සිය පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේය. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site