Collector
එරාන් පසුපස විපක්‍ෂයේ තව වැඩ්ඩෙක් ආණ්ඩුවට? | Collector
එරාන් පසුපස විපක්‍ෂයේ තව වැඩ්ඩෙක් ආණ්ඩුවට?
Gossip Lanka News

එරාන් පසුපස විපක්‍ෂයේ තව වැඩ්ඩෙක් ආණ්ඩුවට?

විපක්ෂය නියෝජනය කරන කැපී පෙනෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ආණ්ඩු පක්ෂය සමඟ එක්වීමට සූදානම් වන බවට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ඉහළ පෙළේ දේශපාලන කවයන්හිදී පසුගිය සතියේ අවස්ථා කිහිපයකම මේ ගැන වැඩි අවධානයක් දක්වා වී ඇත. දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මෙම මන්ත්‍රීවරයා, ආන්දෝලනාත්මක සිදුවීම් රැසකදී ප්‍රමුඛ පෙළේ මතධාරියෙකු ලෙස කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකළ පුද්ගලයෙකි. මෙම ප්‍රචාරයන් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රබලයෙකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, එවැනි තොරතුරු පැතිර ගියද ඒවායේ සත්‍යතාවයක් මෙතෙක් තහවුරු වී නොමැති බවයි. කෙසේ වෙතත්, "ආණ්ඩුවට වැඩ කිරීමට ප්‍රමාණවත් දක්ෂයන් පිරිසක් නොමැති නම්, ඔවුන් කොහෙන් හෝ දක්ෂයන් සොයා ගැනීමට උත්සාහ කිරීමේ වරදක් අප දකින්නේ නැහැ," යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site