Gossip Lanka News
මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික ලෙස පරිබාහිර පාර්ශ්වයන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව රජය පවසයි. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති "විෂ ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික මෙහෙයුමට" එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව අනාවරණය කළේය. සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනවලට අමතරව මුදල් අමාත්‍යාංශය මට්ටමින්ද විශේෂ අභ්‍යන්තර පරීක්ෂණයක් දැනටමත් ක්‍රියාත්මක වේ. කිසියම් නිලධාරියෙකු හෝ නිලධාරීන් පිරිසක් චේතනාන්විතව මෙම වංචාවට සහාය දී තිබේද යන්න අනාවරණය කර ගැනීම මෙහි මූලික ඉලක්කයකි. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම පරීක්ෂණවල අරමුණ වැරදිකරුවන්ට දඬුවම් දීම පමණක් නොව, මෙවැනි මූල්‍ය අක්‍රමිකතාවක් නැවත කිසි දිනක සිදු නොවීමට වගබලා ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය පද්ධතිය තුළ ශක්තිමත් ආරක්ෂිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම බවයි. මුදල් අමාත්‍යාංශය වැනි වගකිවයුතු ආයතනයක මෙවැනි සිදුවීමක් වාර්තා වීම සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය යොමුව ඇති බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය. ''සියලු විමර්ශන කටයුතු සිදුවෙනවා. මුදල් අමාත්‍යංශය පැත්තෙන් අභ්‍යන්තර පරීක්ෂණයකුත් සිදු වෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහුගිය පෙබරවාරි මාසයේ සිදු කරන ලද පැමිණිල්ල අනුවත් කටයුතු සිදු වෙනවා. අපිට ඕනකම තියෙන්නේ චේතනාන්විතව යම් නිලධාරියෙකු හෝ නිලධාරීන් කිහිපදෙනෙකු මේකට සම්බන්ධ වුණා ද කියලා හොයා ගන්න. එහෙම නොවුණා නම් මෙවැනි දෙයක් අනාගතයේ දී සිදු නොවන්න ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කර ගන්න එක. ඒ අනුව ඒ දෙපැත්තටම අපි කටයුතු කරගෙන යනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ අල්ලස් කොමිසමෙන් කටයුතු සිද්ධ වෙලා ඉන් පසු පියවර තමා නඩු පැවරීමේ කටයුතු සිදු කරන එක. එම නඩුවලට අදාළ දින මේ වන විටත් අධිකරණය මගින් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. අදාළ පාර්ශවයන් දන්නවා කවද්ද නඩු දිනේ කියලා. ඒක සාමාන්‍යයෙන් Common Knowledge එකක්. ඒක තමා මැයි දින රැලිවල වේදිකාවේ කියවුණේ. කොහොමත් ඉදිරි දිනවල එම නඩු ප්‍රකාශය පත්වෙලා තියෙනවා. ඒ අනුව නඩු කටයුතු සිද්ධ වෙයි''
Go to News Site