Gossip Lanka News
සමගි ජන බලවේගයේ ප්‍රබල මන්ත්‍රීවරයෙකු ආණ්ඩුව සමඟ එක්වීමේ සූදානමක් පවතින බවත්, ඒ සඳහා වන පෙරනිමිති මේ වන විටත් පළ වෙමින් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. පසුගිය දින කිහිපය පුරා පාර්ලිමේන්තු මුදල් කාරක සභාව තුළ සිදුවන සිදුවීම් සහ එහි ක්‍රියාකාරීත්වය දෙස බැලීමේදී, වෙනසක් සිදුවන බව පැහැදිලි වන බව කාරියවසම් මහතා මෙහිදී පෙන්වා දුන්නේය. විවිධ ආකාරයෙන් මතු වෙමින් පවතින මෙම දේශපාලන පෙරනිමිති පිළිබඳව අවධානයෙන් පසුවන බවත්, ඉදිරියේදී එම දේශපාලන වෙනස සිදුවනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site