Collector
“මිනිස්සු නැගිටලා ගියේ සජිත්ගේ කතාව පරක්කු වෙච්ච නිසා” - මැයි දිනයේ සිද්ධ වුණු දේ ගැන හර්ෂණ පැහැදිලි කරයි | Collector
“මිනිස්සු නැගිටලා ගියේ සජිත්ගේ කතාව පරක්කු වෙච්ච නිසා” - මැයි දිනයේ සිද්ධ වුණු දේ ගැන හර්ෂණ පැහැදිලි කරයි
Gossip Lanka News

“මිනිස්සු නැගිටලා ගියේ සජිත්ගේ කතාව පරක්කු වෙච්ච නිසා” - මැයි දිනයේ සිද්ධ වුණු දේ ගැන හර්ෂණ පැහැදිලි කරයි

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැයි දින රැලියේ කතාව ආරම්භ කරන විට ජනතාව පිටව යෑමට හේතුව කාලය ගෙවී ගොස් සවස් වී තිබීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කළේය. සජිත් ප්‍රේමදාස මැයි දින රැලියේ කතාව ආරම්භ කරන විට ජනතාව රැස්වීම භූමියෙන් ඉවත්ව ගිය බවට පළ වූ වාර්තා ගැන සඳහන් කරමින් රාජකරුණා මේ බව සඳහන් කර තිබේ. “ප්‍රේමදාස මහත්තයා අනිත් අයට ප්‍රමුඛත්වය දීමට තීරණය කළා. අවසානයේ කතා කිරීමටයි ඔහු තීරණය කළේ,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය. එසේම, පක්ෂයේ තරුණ සාමාජිකයන්ට අවස්ථාව ලබා දීම කෙරෙහි පක්ෂය අවධානය යොමු කළ බැවින්, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සභාපති කබීර් හෂීම් සහ ජාතික සංවිධායකවරයාට කතා සඳහා කාලය ලබා නොදුන් බව ඔහු තහවුරු කළේය. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site