Gossip Lanka News
ඉදිරි කාලයේ ප්‍රකාශ කිරීමට නියමිත අධිකරණ තීන්දු පිළිබඳව ජනාධිපතිවරයා විසින් කල් තියා ප්‍රකාශයට පත් කිරීම විනිසුරුවරුන්ට බලපෑම් එල්ල කිරීමක් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් යැයි හිටපු අධිකරණ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් පැවැසීය.අධිකරණයේ විභාග වන නඩුවල තීන්දු පිළිබඳව ජනාධිපතිවරයා තුන්වැනි පාර්ශ්වයක් තෘප්තියට පත් කිරීම සඳහා සහ අත්පොළසන් ලබා ගැනීම සඳහා නඩු තීන්දු ලබා දෙන දින ප්‍රකාශයට පත් කළ බවද ඔහු සඳහන් කළේය. අප්‍රේල් 30 වැනිදා අහපු නඩුවේ අධිකරණ තීන්දුව මැයි 25 වැනිදා ප්‍රකාශයට පත් කරන බවත්, එම තීන්දුව ලැබුණ පසු අත්පුඩි ගහන්න සූදානමින් සිටින ලෙසට මැයි රැලියේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක, ශිෂ්ට සම්පන්න ලෝකයේ මෙයාකාරයේ ප්‍රකාශ සිදු නොවන බවත් ජී. එල්. පීරිස් එහිදී පෙන්වා දුන්නේය. අධිකරණය මගින් නඩු තීන්දුව ලබාදී නොමැති මොහොතක ඒ තීන්දු පිළිබඳ පූර්ව දැනුමක් තිබෙන බව හැඟවීමට ජනාධිපතිවරයා ක්‍රියාකාර ඇතැයි ද ඔහු කියා සිටියේය. එය මෙරට උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩිතාලම සම්පූර්ණයෙන් දෙදරා යන තරමේ ප්‍රකාශයක් බවත් ඒකාබද්ධ විපක්ෂය විසින් සකස් කළ සංදේශයක් අග්‍රවිනිශ්චයකාරවරයාට යොමු කර මේ පිළිබඳව දැනුම් දෙන බවද ඔහු කියා සිටියේය. ඒ මහතා මේ බව කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
Go to News Site