Gossip Lanka News
ජනාධිපතිවරයාට කියන්න මම කිව්ව කියල අම්මා තාත්තා පුතා පවුම් අනුවේ මාල කරේදා ගත්ත බල්ලව නෙමෙයි මොකාට මොනව කරත් ඔබතුමන්ලාගේ වංචා වහහගන්න වෙන්නේ නැහැ. ඒක ජනාධිපතිවරයාට මතක් කරන්න යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මෙම අදහස් පළකළේ අද දින පාර්ලිමේන්තුව අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා , "විශේෂයෙන්ම ළදරුවෝ ගැන කතා කෙරුවා.දැන් එදා පෝර්ට් සිටි එක හදනකොට මොකක්ද කිව්වේ. දැන් එදා මේ අය කියන විදියට පෝර්ට් සිටි එක හැදුවනම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් සීගිරිය නෑ.ඇයි සීගිරිය කඩලා ගේන්න ඕන පෝර්ට් සිටි එක හදන්න.දැන් එදා මේ අය කියන විදියට නම් පෝට් සිටි එකේ ප්‍රතිපත්ති හැදුනේ අද පෝර්ට් සිටියට යන්න පාස්පෝට් එකක් ඕනේ.දැන් මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න අය කියපු ළදරු කතා.චීන කොලණියක් බවට පත් කරනවා කිව්වා. හැබැයි අපි සතුටුවෙනවා ඔබ අඩුම තරම් මේ උත්සාහයක් දරනවා දැන් මේකට මොකක්ම හරි කරන්න.හැබැයි කරගන්න තේරෙන්නේ නෑ. පළවෙනිම කාරණය තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි කොළඹ වරාය නගරය හැදුවේ ගනුදෙනුකරණය සඳහා.මේ රියල් ස්ටේට් වලටම නෙවෙයි. රියල් ස්ටේට් අවශ්‍යයි ගොඩනැගිලි හැදෙන්න ඕන.හිතන හිතන වෙලාවට ආණ්ඩුවට වාසී කියලා හිතෙන විදියට මේවගේ ප්‍රතිපත්ති වෙනස් කරාම අපිත් එක්ක අභියෝගයට ලක්වෙලා තියෙන අනිත් රටවල් එක්ක මේකට ව්‍යාපාර ගැනීමේ අපහසුතාවයක් තියෙනවා.දැන් අපට පෝට් සිටියට ආයෝජකයෝ ආවම කැබිනට් එකට දැනුම් දෙන්න්න ඕනේ. පාර්ලිමේන්තුවට කියන්න ඕනේ. කව්ද අනේ එහෙම ආයෝජනයය කරන්නේ.අපිත් එක්ක තරගයට රටවල් තියෙනවා ඉන්දියාවේ ගිෆ්ට් සිටි එක එක පැත්තකින් සිංගප්පූරුව හොංකොං වර්තමානයේ ගල්ෆ් කලාපයේ අර්බුදයත් එක්ක මැද පෙරදිග යම් අර්බුදයකට මුහුණ දෙනවා.ඔවුන් නව වෙළඳපළවල් හොයනවා.නව ගනුදෙනු කරන කේන්ද්‍රස්ථාන හොයනවා.මේවට යන්න අපි සූදානම්.ඒවට යන්න විනිවිදභාවයෙන් යුතුව ව්‍යාපාර කරන්න පුළුවන් වැඩපිළිවෙලක් මේ කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගෙන අපි හදල තියෙනවද.අඩුම තරමේ අවශ්‍යතාවය පිළිබඳව ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආණ්ඩුව වටහාගෙනද කියන ප්‍රශ්නය අපි තුළ තියෙනවා.ඒ නිසා ඔබ තමුන්නාන්සේලාගෙනුත් අපි ඉල්ලන්නේ කරුණාකරලා අද මැද පෙරදිග ඇතිවෙලා තියෙන අර්බුදයක් එක්ක ගනුදෙනුකරණය සඳහා විකල්ප මධ්‍යස්ථාන විකල්ප රටවල් හොයනවා.හැබැයි ඔවුන්ට අවශ්‍ය පහසුකම් ටිකක් ප්‍රතිපත්තිමය කාරණා ටික ඔවුන්ට අවශ්‍ය ගනුදෙනු කරන අවශ්‍යතා ටික නිදහස සහ විනිවිද භාවයකින් යුතුව ඔවුන්ටඇවිල්ලා නිදහසේ තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න ඕනේ.හැබැයි එවැනි උත්සාහයක් අපි ඔබෙන් දකින්නේ නැහැ.දැන් මේ පහුගිය කාලසීමාවව තුළ දැන් අපි දකිනවා ආයෝජකයන්ට එන්න කියලා. දැන් නියෝජ්‍ය නායකතුමනි පෞද්ගලික බැංකුවකින් බිලියන 13 කට වඩා අතුරුදහන් වුණා. දැන් මේ රටේ සාමාන්‍ය මිනිහෙක් බැංකුවකට ගිහිල්ලා ලක්‍ෂ දහයක් දැම්මත් ප්‍රශ්න කීයක්අහනවද හැබැයි ඒ බිලියන දහතුනක් අන්ත්‍රස්දානවෙනකන් ආණ්ඩුව මුදල් අමාත්‍යාංශයේ මහ බැංකුවබුදි.හැබැයි ගමේ මනුස්සයෙක් ලංකාවේ ව්‍යවසායකයෙක් අහිංසක ව්‍යාපාරිකයෙක්ගෙන් ප්‍රශ්න හැටක් අහනවා.හැබැයි ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකුවකින් බිලියන 13 හමාරක් දාහතරක් අතුරුදහන් වෙනකන් අපේ අය බුදි.හැබැයි අපි එතනින් එහාට යමුකෝ ඔබතුමන්ලාගේ දැන් හැකර් ක්‍රියාදාමය ඒකනේ දැන් කියන්නේ.මේ ආණ්ඩුවේ වංචාවක් වුනොත් ඒක හැකර් කෙනෙක්. දහ වතාවක් ගෙවලා තියෙනවා කෝටි අසූවකට වැඩි ප්‍රමාණයක්.හෙට ඩොලර් එක වැඩි වුනොත් තව වැඩි වෙනවා තව කෝටි අසූවකට වැඩි ගාණක් ඔබතුමන්ලා වැරදි ගිණුමකට බැර කරලා කරලා තියෙනවා. මම දැක්කා එක මන්ත්‍රීවරයෙක් කියල දෙනවා වැරදීම් වෙනවලු ඔව් ඔව් ඔහොම වැරදීම් උනත් හොඳයි ආණ්ඩුවකට.මරුවට අත්දැකීම් ගන්න ඉගෙන ගන්න දීලා තියෙන්නේ.ඇහුවම කිව්වේ මුළු රාජ්‍ය යාන්ත්‍රණයම ඩිජිටල් කරලා වැඩේ කරනවා කියලා.හරියට ඊමේල් එක කියවලා එකවුන්ට් නම්බරේ ගහගන්න තේරෙන්නේ නෑ. හැබැයි අනිත් පැත්තෙන් දහ වතාවක් වැරදි ගිණුමකට ගෙවනවා.මහ බැංකුවෙන් දැනුම් දෙනවා දෙනවා ආයෙත් ගෙවනවා.දැන් කවුද මේකට වග කියන්නේ.පුළුවන් නං කියන්න රාජපක්ෂ කෙනෙක්ගේ හැකර් කෙනෙක් කියලාා ලේසියිනේ.ඒකනේ කතානායකතුමනි ලේසිම කතාව.හැබැයි මේ ජනතාවගේ බදු සල්ලි.ඔබතුමලා මහ ලොකුවට විනිවිදභාවය ගැන කතා කරනවා.තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඩොලර් ලක්ෂ හයක් වැරදි ගිණුමකට ගෙවනවා.මේක මේ එක දිගට එන්නේ කොහොමද මේක සංවිධානාත්මක නැහැ කියලා කියන්නේ. හරි එකක් අපි ඔබතුමන්ලා කියන බොරු ඇහුම්කන් දුන්න කියල කියමුකෝ දෙවෙනි එක තුන්වෙනි එක RDA එකේ කොන්ත්‍රාත්කරුවන්ට ඩබල් පේමන්ට් එකක් යනව ඉතිං ඕක තේරුම් ගන්න බැරිද.දැන් තාමත් ඒකේ මිලියන පනස් එකක් ගෙන්න ගන්න බැරුව ඉන්නවා.දැන් මේ වැරදි ගිණුම්වලට ඔබතුමන්ලා ගෙව්වම ඒ සඳහා ඔබතුමන්ලා ගත්ත ක්‍රියාමාර්ගයය මොකක්ද. ජනාධිපතිවරයා මුදල් ඇමතිතුමනි දැන් මේ ආණ්ඩුවේ හැම එකකටම සීඅයි ඩී දුවනවනේ ගරු ජනාධිපතිතුමාගේ හිත රිදෙන පෝස්ට් එකක් දැම්මාමත් සී අයිඩී දුවනවා.ජනාධිපතිවරයාගේ හිත රිදුනමත් සීඅයිඩී දුවන ආණ්ඩුව කෝටි අසූවක් වැරදි ගිණුමකට දාලත් ඇයි සීඅයි ඩී දිව්වෙ නැත්තේ.මොකක්ද ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද ගත්ත පියවර.පියවරක් ගත්තේ නැහැ මේක වහගන්න උත්සහ කරා.ජනවාරි මාසයේ ජනාධිපතිවරයා දන්නවා මේක තීන්දුවක් ගත්තේ නෑ ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ.එක පැත්තකින් ගල් අඟුරු ගල් අගුරු වංචවක් වුණා කාලා බලලා නෙවෙයි ගෙනාවේ ගෙනාවට පස්සෙ තමයි කෑවේ. හැබැයි ගල් අඟුරු වංචාවක් නෙවෙයි කියලා ලැජ්ජ නැතුව කියන විදිය. කෝප් එකේ සභාපති එහෙම කියන්නේ ලැජ්ජයි. ලෝකෙ වැඩියෙන්ම ගෙවලා තෙල් ගත්ත රට බවට අපි පත්වෙලා තියෙනවා.ඩොලර් 286 තුන්සිය දෙකයි අතර තෙල් අරගෙන තියෙන්නේ.ලෝකේ වැඩියෙන්ම ගෙවල තෙල් ගන්න රට බවට පත්වෙලා තියෙනවා.හැබැයි මේ හැම රුපියලක්ම හැම ඩොලර් එකක්ම අවසානයේ කාටද යන්නේ? රටේ ජනතාවට.දැන් අලුත්ම න්‍යාය පටන් ගන්නවා මොකක්ද හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම ඔබතුමන්ලාගේ නියෝජිතයෙක් දානවා හැකර් කෙනෙක්.ඇයි ඒ සමාජ ප්‍රාග්ධනය රැස් කරන්නද කියලා අපිට සැකයක් තියෙනවා.මොකද හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම දේශපාලන පත්වීමක් දීලා හැකර් කෙනෙක් දාලා ඔබතුමන්ලා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද.ප්‍රාදේශීය ලේකම්වරු දිසාපතිවරු මේකට විරුද්ධව ඔබතුමන්ලාට ලියලා තියෙනවා.හැබැයි ඒවට ඇහුම්කන් දෙන්නේ නැහැ.ඔබතුමන්ලාගේ දේශපාලන උවමනාව ඉටු කරගන්න ඔබතුමන්ලාගේ හැකර්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට පත් කරගෙන යනවා.දැන් මුදල් අමාත්‍යංශයත් හැක්කරා කියනවනේ දැන් ඊළඟට හැක කරන් ඉන්නේ මොකද්ද ප්‍රාදේශීය ලේකම්කාර්යාල. ඉතින් ඒ හින්දා නියෝජ්‍ය කතානායකතුමනි මේ පිළිබඳවත් අවධානයයොමු කරන්න. යාපනය ධීවරයෙක් අජන්තන් කියලා ලංකාවේ මුහුද තීරයේදී ඉන්දියාවේ ධීවරයන්ගෙන් පහර කෑවා.ඔහුව ඉන්දියාවට අරගෙන ගියා.දැනුත් මැහුම් ගහලා ඉන්දියාවේ චෙන්නයි වල රෝහලක ඉන්නවා.විදේශ ඇමතිවරයාගෙන් අපි ඉල්ලනවා මේ පිළිබඳව මැදිහත් වෙන්න ජාත්‍යන්තර වශයෙන්.මොකද ඔබතුමන්ලා උතුරේ ජනතාව ගැන කතා කරනේ ලොකුවට හැබැයි මේකට තාම නම් මැදිහත් වෙලා නෑ.මේ සිද්ධිය සම්බන්ධයෙන් අදටත් මේ වෙනකොටත් මේ ධීවරයාගේ පවුලේ අය පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරනවා කිසිම රජයේ මැදිහත්වීමත් ආණ්ඩුවේ මැදිහත්වීමක් මේ පිළිබඳව අපි දකින්නේ නැහැ. අවසාන වශයෙන් අපි දැක්කා මැයි දින වේදිකාවේ අපේ ජනාධිපතිවරයා ඇමතිවරු මහා උජාරුවට නඩු වාර්තා කියෙව්වා.කම්කරුවෝ ගැන කතා කරේ නෑ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි නඩු වර්තා ගැන කියෙව්වා.මං දැක්කා ජනාධිපතිවරයා කියනවා අම්මා තාත්තා පුතා අර පවුම් අනුවේ මාලේ කරේ දාගෙන ඉන්නන බල්ලා හැබැයි මේ එකසිය පනස් නම දෙනාටම කියන්නේ ගිහින් ජනාධිපතිවරයාට කියන්න මම කිව්ව කියල අම්මා තාත්තා පුතා පවුම් අනුවේ මාල කරේදා ගත්ත බල්ලව නෙමෙයි මොකාට මොනව කරත් ඔබතුමන්ලාගේ වංචා වහහගන්න වෙන්නේ නැහැ.ඒක ජනාධිපතිවරයාට මතක් කරන්න.
Go to News Site