Gossip Lanka News
රජය විසින් හඳුන්වා දී ඇති මෙට්‍රෝ බස් ව්‍යාපෘතියට දැඩි විරෝධය පළ කරමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ආණ්ඩුවට තියුණු ප්‍රහාරයක් එල්ල කර ඇත. මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසුවේ, “ලංගම නිසා තමයි රටේ මගී ප්‍රවාහනය විනාශ වුනේ” යනුවෙනි. අලුතින් ගෙන්වන මෙට්‍රෝ බස් රථ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ, “අපේ සල්ලි බිලියන 7ක් නිරපරාදේ විනාශ කරනවා මේ අලුත් බස් ගෙනල්ලා” කියාය. ආණ්ඩුවේ මෙම තීරණය දැඩි ලෙස විවේචනය කළ ඔහු, “මෙහෙම මෙට්‍රෝ බස් දාලා ආණ්ඩුව කරල තියෙන්නේ ගණිකාවක් පෝරුවේ තිබ්බ වගේ වැඩක්” යනුවෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ද සිදු කළේය. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site