Gossip Lanka News
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කරගනිමින් දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවටත්, එතුමාව අත්අඩංගුවට ගැනීමට රජය සූදානම් වන බවටත් පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ඉතා උණුසුම් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ මේ දරුණු තීරණය ගත්තොත් ලබන 12 වැනිදා මුළු කොළඹ නගරයම ජනතාවගෙන් පිරී යන එක නතර කරන්න කාටවත් බැරි වෙනවා කියලයි. මන්ත්‍රීවරයා මෙහිදී පවසන්නේ ඕනෑම හොරකමක් හෝ වංචාවක් ගැන සාධාරණ පරීක්ෂණ කරනවාට තමන්ගේ කිසිම විරෝධයක් නැති බවත් ඒ සඳහා රටේ නීතියක් තියෙන බවත්ය. ඒ කටයුතුවලට ඔවුන් අත නොපොවන බවත් ඔහු පවසනවා. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ නීතිය පසෙකට දමා පළිගැනීමේ චේතනාවෙන් මහින්ද රාජපක්ෂ මහතා හිරේ දැමීමට උත්සාහ කිරීම ගැන බවයි ඔහු පවසන්නේ. තිස්ස කුට්ටිආරච්චි මහතා සිය ප්‍රකාශය තුළින් රජයට කෙලින්ම කියා සිටින්නේ මෙය දේශපාලන පක්ෂයක් විසින් සිදුකරන බලපෑමක් නොවන බවත් "බත් කන ජනතාව" විසින් සිදුකරන බලපෑමක් බවත්ය. ඔහු සිදුකළ එම ආන්දෝලනාත්මක ප්‍රකාශය පහතින්. "එතන හොරකමක් වෙලා තියෙනවා නම් වංචාවක් වෙලා තියෙනවා නම් ඒවා සාධාරණ පරීක්ෂණයක් කරන්න. අපි ඒවාට අත පොවන්නේ නෑ. ඒකනේ රටේ නීතියක් තියෙන්නේ. හැබැයි ඒ නීතිය පසෙකින් තියලා පළිගැනීමේ චේතනාවෙන් මේ රටේ අපිට අභය දානය දුන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව දේශපාලන කුමන්ත්‍රණයක් කරලා එක දවසක් හරි එතුමාව අත්අඩංගුවට ගැනීමේ වැඩ පිළිවෙලක් යනවා නම්, සමස්ත රටේ ජාති භේදයෙන් ආගම් භේදයෙන් තොරව විවිධ ආගමික නායකයන් ඒ වගේම බුද්ධාගමට ආදරය කරන බෞද්ධ රටක් වන අපේ රටේ මහා සඟ රත්නය ඇතුළු සමස්ත රටේ ජනතාව රෝද බැඳගෙන දොළොස් වැනිදා මුළු කොළඹම වටදාන්නේ අපි කියලා නෙමෙයි. ඔබතුමා ඒ දරුණු තීරණය ගත්තොත් බත් කන ජනතාව මහින්ද මහත්තයාව හිරේට දාන්න දවසක් හරි හිරේට දාන්න හිරේට තීරණය කරොතින් පක්ෂ පාට ජාති කුල මල භේදයෙන් මහින්ද රාජපක්ෂ කියන අසහාය නායකයා වෙනුවෙන් කොළඹට එනවා කියන එක හොඳට හිත් තියාගෙන මේ තීන්දු ගන්න කියන එක නැවතත් අවධාරණයෙන්ම ඔබතුමාට මතක් කරනවා." මන්ත්‍රීවරයා පවසන පරිදි, මේ විරෝධය සඳහා මහා සඟ රත්නය ප්‍රමුඛ විවිධ ආගමික නායකයන් සහ රටට ආදරය කරන පොදු ජනතාව ලබන 12 වැනිදා කොළඹට ඒමට සූදානම්ව සිටිනවා. "මහින්ද රාජපක්ෂ" නම් අසහාය නායකයා වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්න ජනතාව සූදානම් බවත්, ඒ නිසා මේ ගන්නා තීන්දු ගැන නැවතත් හිතා බලන ලෙසත් ඔහු රජයට රතු නිවේදනයක් නිකුත් කරනවා. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site