Collector
තත්වය හරිම ඛේදනීයයි... අතින් පයින් ගහගෙනලු... හෝදන්න පාර්ලිමේන්තු එන්නෑලු... ජාතිය අමත අමතලු ඉන්නෙ - ලන්ඩන් මිතුරා උවිදු | Collector
තත්වය හරිම ඛේදනීයයි... අතින් පයින් ගහගෙනලු... හෝදන්න පාර්ලිමේන්තු එන්නෑලු... ජාතිය අමත අමතලු ඉන්නෙ - ලන්ඩන් මිතුරා උවිදු
Gossip Lanka News

තත්වය හරිම ඛේදනීයයි... අතින් පයින් ගහගෙනලු... හෝදන්න පාර්ලිමේන්තු එන්නෑලු... ජාතිය අමත අමතලු ඉන්නෙ - ලන්ඩන් මිතුරා උවිදු

ආණ්ඩුවේ ඉහළම පෙළේ නායකයින් සමඟ සමීප සබඳතා පවත්වන දැනට ලන්ඩනයේ පදිංචි මාධ්‍යවේදී උවිදූ කුරුකුලුසූරිය මහතා තම සමාජ මාධ්‍ය ගිණුමේ තබා විශේෂ සටහන් දෙකක් තිබේ. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ඉඟි පළ කරමින් ඔහු තබා ඇති පළමු සටහනේ දැක්වෙන්නේ, "තත්ත්වය හරිම ඛේදනීය" බවත්, ඊයේ දිනයේදී "අතින් පයින් ගහගෙන" ඇති බවත්ය. ආණ්ඩුවේ අභ්‍යන්තරයේ පවතින කිසියම් ගැටුම්කාරී තත්ත්වයක් මෙයින් අදහස් කරන්නේද යන්න පිළිබඳව සමාජ ජාල පරිශීලකයන් සැක පළ කරති. ඔහුගේ අනෙක් සටහන වඩාත් ආන්දෝලනාත්මක වන අතර, එහි දැක්වෙන්නේ ලොකුම සේදුම් යන්ත්‍රය මෙවර සේදීමට පාර්ලිමේන්තුවට නොපැමිණෙනු ඇති බවත් ඒ තරමටම කෙලවී ඇති බවත්ය. මේ දිනවල ජාතිය අමත අමත සිටින බවට ද  සටහනක් එක් කර තිබේ. ආණ්ඩුවේ අභ්‍යන්තර තොරතුරු දන්නා පුද්ගලයෙකු ලෙස සැලකෙන කුරුකුලුසූරිය මහතාගේ මෙම සටහන් කැළඹිලි සහිත දේශපාලන තත්වයක් ඇතිව තිබෙන්නේ යයි කතාබහක් නිර්මාණය වී ඇත.

Go to News Site