Collector
රංග රාජපක්ෂගේ බිරිදට ඒ මරණය සැක නැති වුණත් මට සැකයි – උදය ගම්මන්පිල කියයි | Collector
රංග රාජපක්ෂගේ බිරිදට ඒ මරණය සැක නැති වුණත් මට සැකයි – උදය ගම්මන්පිල කියයි
Gossip Lanka News

රංග රාජපක්ෂගේ බිරිදට ඒ මරණය සැක නැති වුණත් මට සැකයි – උදය ගම්මන්පිල කියයි

මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 ක මුදලක් අත-ුරුදන් වීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි රංග රාජපක්ෂ නමැති නිළධාරියාගේ මරණය පිළිබඳව, ඔහුගේ බිරිඳ විසින් සිදුකර ඇති බවට කියන ප්‍රකාශයක් – මහජනතාව නොමග යවන ආකාරයෙන් අර්ථ දැක්වීම පිළිබදව, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව පැමිණිල්ලක් කුලියාපිටිය පොලිසියට ඉදිරිපත් වී තිබුණි. උදය ගම්මන්පිලට එරෙහිව එම පැමිණිල්ල ගොනු කර තිබුණේ මිය ගිය රංග රාජපක්ෂ මහතාගේ බිරිදයි. මරණ පරීක්ෂණය සිදු කර, එහි වාර්තාව ලබා දීමෙන් පසුවත්, එම මරණය සැක සහිත බවට වන පැමිණිල්ලක් රංග රාජපක්ෂ මහතාගේ බිරිද පොලිසියට කර ඇති බව හැගවෙන ආකාරයේ ප්‍රකාශයකි ගම්මන්පිල කර තිබුණේ. නමුත් අද පොලිසියට කට උත්තර ලබා දීමෙන් පසුව පිටතට පැමිණි ගම්මන්පිල මාධ්‍යවේදීන් අමතා තමන් කළ ප්‍රකාශය යළි පැහැදිලි කළේ ය. ඒ අනුව, මරණය සිදු වූ පසුව, මරණ පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට පෙර, රංග රාජපක්ෂ මහතාගේ බිරිද සිය සැමියාගේ මරණය සැක සහිත බවට කර තිබූ ප්‍රකාශයයි ඔහු විසින් උපුටාගෙන ඇත්තේ. කෙසේ වෙතත්, මරණයක් සැක සහිත බව ප්‍රකාශ කිරීමේ අයිතිය බිරිඳකට පමණක් හිමි නොවන බව පැවසූ ගම්මන්පිල, අදාල මරණය තමන්ට තවමත් සැක සහිත බව මාධ්‍ය වේදීන් හමුවේ පවසා සිටියේ ය. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site