Collector
"ඇත්ත දෙකක් තියෙන්න බෑ... ආණ්ඩුව වගකීම ඉටු කරනු!" - කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන දිල්කා පෙරමුණගනී | Collector
Gossip Lanka News

"ඇත්ත දෙකක් තියෙන්න බෑ... ආණ්ඩුව වගකීම ඉටු කරනු!" - කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන දිල්කා පෙරමුණගනී

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි වියෝව සම්බන්ධයෙන් පවතින අභිරහස හෙළිදරව් කරන ලෙස බල කරමින් ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදිනී දිල්කා සමන්මලී මහත්මිය රජයට දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. ඒ ඇය විසින් ඇගේ ෆේස්බුක් පිටුවේ සටහනක් එක් කරමිනි. ඇය අවධාරණය කරන්නේ මෙම මරණය සම්බන්ධයෙන් පවතින සැකසංකා දුරු කර සත්‍යය හෙළිදරව් කිරීම රජය සතු මඟ හැරිය නොහැකි වගකීමක් බවයි. "ලිඳ ළඟ සංගමයක් නොව රජයක් වන්න" තම සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඇය පවසා සිටින්නේ, ඕනෑම සිදුවීමක සත්‍යය පැවතිය හැක්කේ එකක් ලෙස පමණක් බවයි. රජයක් ලෙස කටකතා පැතිර යාමට ඉඩ නොදී නිල ප්‍රකාශයක් නිකුත් කිරීමේ වැදගත්කම ඇය මෙහිදී පෙන්වා දී තිබෙනවා. "ඇත්ත දෙකක් තියෙන්න බෑ. කපිල චන්ද්‍රසේන මහතාගේ ම#රණය සැබෑවටම සියදිවි හානිකර ගැනීමක්ද නැද්ද කියන කාරණය පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් ආණ්ඩුව විසින් ලබාදිය යුතුයි. ආණ්ඩුවක් කියන්නෙ ලිඳ ළඟ සංගමයක් වගේ කටකතා පැතිරෙන්න ඉඩ නොතබා වගකීම ඉටු කරන ආයතනයකටයි." - දිල්කා සමන්මලී දේශපාලන මඩ ගැසීම්වලට එරෙහිව දැඩි ස්ථාවරයක් මෙම මරණය දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත කිරීම පිළිබඳවද ඇය සිය පිළිකුල පළ කර ඇත. ඇය පෙන්වා දෙන පරිදි, මෙය සැබෑවටම දිවි තොර කර ගැනීමක් නම්, ඒ වෙනුවෙන් අනවශ්‍ය ලෙස වෙනත් දේශපාලනඥයන්ගේ නම් ඈඳා ගනිමින් මඩ ප්‍රහාර එල්ල කිරීම නොකළ යුතුය. යම් හෙයකින් මෙය දිවි තොර කර ගැනීමක් නොවන්නේ නම්, ඒ පසුපස සිටින පුද්ගලයන් කවුරුන්දැයි වහාම සොයා බලා ඔවුන්ට නිසි දඬුවම් ලබා දීමට රජය කටයුතු කළ යුතුය. යුක්තිය ඉටු කිරීමේ වගකීම කපිල චන්ද්‍රසේන මහතාගේ වියෝව සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ මතවාද පැතිර යමින් පවතින පසුබිමක, රජය නිහඬව සිටීම හරහා මහජන විශ්වාසය පළුදු වන බව මාධ්‍යවේදිනි දිල්කා සමන්මලී පෙන්වා දෙන්නේ. අපරාධයක් සිදුව ඇත්නම් ඊට සම්බන්ධ පුද්ගලයන් නීතිය හමුවට පැමිණවීමත්, දිවි තොර කර ගැනීමක් නම් ඒ බව විද්‍යාත්මකව තහවුරු කිරීමත් රජයක මූලික ලක්ෂණය විය යුතු බව ඇයගේ ප්‍රකාශ කරමින් සිටින්නේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් ඉදිරියේදී ලැබෙන ප්‍රතිචාරය පිළිබඳව මේ වන විට මුළු රටේම අවධානය යොමුව තිබෙනවා. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site