Gossip Lanka News
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි අභාවය පිළිබඳව මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ පිළිබඳව අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා පවසන්නේ මෙය හුදෙක් සියදිවි නසාගැනීමක් ලෙස බැහැර කළ නොහැකි බවයි. "නීතිය පසිඳලීම නිවැරදිව හා සාධාරණව සිදුවෙනවා නම්, මම හිතන්නේ නෑ කිසිම කෙනෙකුට එවැනි ක්‍රියාදාමයක් සිදුවන අතරවාරයේදී සියදිවි නසා ගැනීමට හිතෙයි කියලා. යම් කිසි චෝදනාවක් එල්ල වූ පමණින්ම කෙනෙක් සියදිවි නසා ගැනීමට පෙළඹෙන්නේ නැහැ." වීරවංශ මහතා තවදුරටත් අවධාරණය කරන්නේ මීට පෙර සිදුවූ සිදුවීම් දෙසද අවධානය යොමු කළ යුතු බවයි: "මුදල් අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂවරයාගේ මරණයත් ඇත්තටම සියදිවි නසා ගැනීමක්ද නැද්ද කියන බලවත් ප්‍රශ්නය අදටත් සමාජය ඉදිරියේ තිබෙනවා." " කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයත් බැලූ බැල්මට සියදිවි නසා ගැනීමක් කියලා පෙනෙන්නට තිබුණත්, ඒ පිළිබඳවත් සැක සංකා රැසක් තිබෙනවා. රජය කියන්නේ රටවැසියාගේ ආරක්ෂකයා මිස, තමන්ගේ ක්‍රියාමාර්ග හරහා පුරවැසියන්ව සියදිවි නසාගන්නා තත්ත්වයකට තල්ලු කරන්නා නෙමෙයි. මෙතැනදී ආණ්ඩුව තමන්ගේ වගකීම පැහැදිලිවම පැහැර හැර තිබෙනවා." "මේක අවසන් සියදිවි නසාගැනීමද, නැත්නම් අවසන් ඝාතනයද කියලා අපි දන්නේ නැහැ!" වීරවංශ මහතා පවසන පරිදි, ආණ්ඩුව තමන්ගේ දේශපාලන අරමුණු මුදුන් පත් කර ගැනීම සඳහා ගෙන යන මේ ක්‍රියාදාමය හේතුවෙන් අද රටේ මිනිසුන් දැඩි අනාරක්ෂිත භාවයකට පත්ව ඇත. ආණ්ඩුවේ මේ ගමන නතර වෙන්නේ කොතැනින්ද? රටේ නීතිය සහ යුක්තිය පසිඳලීම අද ප්‍රශ්නාර්ථයක් වී ඇති බවද ඔහු කියාසිටිනවා මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site