Collector
"නියමිත දිනයේදී මම එතන ඉන්නවා..." - අල්ලස් කොමිසමේ අභියෝගයට මහින්දගෙන් සෘජු පිළිතුරක්! | Collector
Gossip Lanka News

"නියමිත දිනයේදී මම එතන ඉන්නවා..." - අල්ලස් කොමිසමේ අභියෝගයට මහින්දගෙන් සෘජු පිළිතුරක්!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන කරළිය උණුසුම් කරමින් ප්‍රබල ප්‍රකාශයක් සිදු කර තිබේ. ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස තමන්ට ලැබුණු නිල දැනුම්දීම ස්ථිර කරමිනි. ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්වූ අවස්ථාවේදී, හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේ එළැඹෙන 12 වැනිදා තමන් අල්ලස් කොමිසම හමුවට යාමට කිසිදු පසුබෑමකින් තොරව සූදානම් බවයි. "අල්ලස් කොමිසම කළ දැනුම්දීම මම පිළිගන්නවා. නියමිත දිනයේදී මම එතන ඉන්නවා." මෙම කැඳවීමට පාදක වී ඇත්තේ 2013 වසරේ සිදුවූ ආන්දෝලනාත්මක එයාර් බස් (Airbus) ගනුදෙනුවයි. එහි ප්‍රධාන කරුණු මෙසේය. - ගනුදෙනුව එයාර්බස් A-330 යානා 06ක් සහ A-350 යානා 08ක් මිලදී ගැනීම. - චෝදනාව අමෙරිකානු ඩොලර් මිලියන 02ක දැවැන්ත අල්ලස් මුදලක් ලබාගැනීම. - සම්බන්ධිත පාර්ශව හිටපු CEO කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ නියෝමාලි විජේනායක. විමර්ශන අතරතුර අල්ලස් කොමිසම අධිකරණය හමුවේ තැබූ පුපුරණ සුලු ප්‍රකාශය වූයේ, අදාළ අල්ලස් මුදලින් රුපියල් මිලියන 60ක් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත්, රුපියල් මිලියන 20ක් එවක විෂය භාර අමාත්‍ය ප්‍රියංකර ජයරත්නටත් ලබාදුන් බවට කපිල චන්ද්‍රසේන පාපොච්චාරණය කර ඇති බවයි. කෙසේ වෙතත්, මෙම චෝදනා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි. ඔහු අධිකරණයට පෙන්වා දෙන්නේ, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය සේවාදායකයාට තර්ජනය කර මෙම ප්‍රකාශ ලබාගෙන ඇති බව. මෙම ප්‍රකාශවල නීත්‍යානුකූල භාවය පිළිබඳ දැඩි සැකයක් පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටිනවා. දේශපාලන මෙන්ම නීතිමය වශයෙන් ද දැඩි කතාබහට ලක්ව ඇති මෙම පරීක්ෂණයේ තීරණාත්මක සංධිස්ථානයක් එළැඹෙන 12 වැනිදා සනිටුහන් වනු ඇත. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site