Collector
විපක්ෂයේ පිරිසක් ළඟදීම ආණ්ඩුවට! | Collector
විපක්ෂයේ පිරිසක් ළඟදීම ආණ්ඩුවට!
Gossip Lanka News

විපක්ෂයේ පිරිසක් ළඟදීම ආණ්ඩුවට!

විපක්ෂයේ සිටින දක්ෂයන් ආණ්ඩුවට නුදුරේම සම්බන්ධ කරගන්නා බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය. විපක්ෂයේ දක්ෂයන් ආණ්ඩුවට එකතු කරගෙන රට ඉදිරියට ගෙන යාමට සූදානම් බවද ඔහු සඳහන් කළේය. ඇමැති වසන්ත සමරසිංහ මෙසේද පැවසීය. “අපි ආණ්ඩුවක් හැටියට මේ රටේ උගත්, බුද්ධිමත්, දැනුම තියෙන, ප්‍රායෝගිකත්වය තියෙන මිනිස්සු හැමෝම එකතු කරලා තියෙනවා. තවත් ඉන්න අය එකතු කරනවා. දක්ෂ මිනිස්සුන්ට අපිත් එක්ක එකතුවෙලා වැඩකරන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා, විපක්ෂයේ ඉන්න තේරුම් ගත්ත මිනිස්සු අපේ යෝජනා, අදහස් එක්ක එකතුවෙලා වැඩකරන්න එනවා නම් රට ඉස්සරහට යන්න ඒ දක්ෂ මිනිස්සු ආණ්ඩුව ඇතුළෙ අපේ වැඩවලට එකතු කරගන්නවා.”(ලංකාදීප) මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site