Gossip Lanka News
සතොස ආයතනයේ සේවකයන් 39 දෙනකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවල යෙදවීමෙන් රජයට පාඩු සිදු කළ බවට චෝදනා කර හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පවරා ඇති දූෂණ නඩු තුනක සාක්ෂි එකවර විමසීම ඊයේ (12දා) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ සිදු විය. සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අධ්‍යක්ෂ මොහොමඩ් සාකීර් නඩුවේ සෙසු විත්තිකරුවන් වේ. ඊයේ (12දා) නඩුව කැඳවූ අවස්ථාවේ වරෙන්තු නියමව සිටි පැමිණිල්ලේ 12 වැනි සාක්ෂිකරු වන එස්.පී. ජෝතිපාල යන අය අධිකරණයට භාර විය. නීතිඥ ලක්ෂාන් ප්‍රනාන්දු මහතා සාක්ෂිකරු පසුගිය නඩු දින රෝගීව සිටි බව දැක්වෙන වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය. ඒ අනුව වරෙන්තු ආපසු කැඳවිණි. අනතුරුව නඩුවේ 19 වැනි සාක්ෂිකරු වන හිටපු හමුදා කෝප්රල්වරයකු වන වික්රමාරච්චිගේ අශෝක යන අය සාක්ෂි දෙන ලදී. ඔහු කාලයක් හිටපු ඇමැතිවරයාගේ පෞද්ගලික ආරක්ෂකයකු ලෙස සේවයකර ඇති අතර පසුව සතොස ආරක්ෂක අංශයේ සේවයට බඳවා ගෙන ඇත. ඔහුට සතොස මඟින් වැටුප් ගෙවීම පිළිබඳ පැමිණිල්ලේ සාක්ෂි විමසීම කළ අතර පසුව හරස් ප්‍රශ්න විමසීම ද සිදු විය. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2010 – 2015 කාලසීමාව තුළ සතොස ආයතනයේ සේවකයන් 39 දෙනකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවල යෙදවීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් මෙම නඩු පවරා ඇත. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව මහත්මිය සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්, ජ්‍යෙෂ්ඨ නීතිඥ දමින්ද අතුකෝරල යන මහත්වරු පෙනී සිටියහ. නඩුව ලබන ජූනි 16දා යළි කැඳවේ. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site