Collector
රහස් හොයන්න කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකතනය නිෂ්පාදිත සමාගමට! | Collector
රහස් හොයන්න කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකතනය නිෂ්පාදිත සමාගමට!
Gossip Lanka News

රහස් හොයන්න කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකතනය නිෂ්පාදිත සමාගමට!

අභිරහස් ලෙස මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මරණ පරීක්ෂණය ඊයේ (මැයි 12) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ පැවැත්විණි. එහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ මෙහෙයවීම යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය. ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 14 වන දා දක්වා කල් තිබිණි. පළමුව සාක්ෂි ලබා දීම කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ සහෝදරිය වන ප්‍රියංගි අනුෂ්කා විජයනායක සාක්ෂි ලබා දෙමින් සඳහන් කර සිටියේ මිය යාමට පෙර දින රාත්‍රියේ ඔහු සතුටින් නොසිටිය බව ය. කොළඹ අපරාධ කොට්ඨාශය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පොලිස් කොස්තාපල් ඒ.ඩි.එස් සම්පත් 83080 නිලධාරියා විසින් සාක්ෂි මෙහෙයුම සිදු කරනු ලැබුවේය. සිද්ධියට අදාලව අධිකරණයට වැඩිදුරු සාක්ෂි ලබාදෙමින් ප්‍රියංගි අනුෂ්කා මෙලෙස සඳහන් කළා ය. “කපිල චන්ද්‍රසේන සමග තමයි මගේ නැගණිය විවාහ වෙලා හිටියේ. බාන්ස් ප්ලේස් එකේ. දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. නංගි සහ දරැවන් ඔස්ට්‍රේලියාවේ තමයි පදිංචි වෙලා ඉන්නේ. කපිල නිතරම අපේ නිවසට එන්නේ නැහැ අවුරුද්දකට හතර වතාවක් පමණ වගේ තමයි එන්නේ. එයා පාඩුවේ ඉන්න කෙනෙක්. මගේ නැගණිය සමග විදේශගත වුණාට පස්සේ ලංකාවට ආවේ නැහැ. නීතිඥවරු ලබා දෙන උපදෙස් අවවාද එක්ක කටයුතු කරන බව” ඇය සාක්ෂි ලබා දෙමින් පැවසූවා ය. “මම ඔවුන්ගේ පවුල් ජීවිතය ගැන ගොඩක් දන්නේ නැහැ. වෙන් වෙලා කියලා දන්නවා. කපිල රිමාන්ඩ් වුණා කියලා මම දන්නවා. ශ්‍රීලන්කන් එයාර් ලයින් සම්බන්ධ සිදු කරනු ලබන විමර්ශනයකට අදාළලව. ඔහු 2026 මැයි 5 හරි 6 හරි අධිකරණයෙන් ඇප ලැබුණා කියලා මගේ නිවසට ආවා. දිනය මට හරියටම මතක නෑ. බදාදා මැයි 6 වන දා වෙන්න ඕනි. තනියම තමයි නිවසට ආවේ යනුවෙන් සාක්ෂිකාරීය අධිකරණයට පැවසුවා. කපිල චන්ද්‍රසේන නිවසට එන විට නිවසේ සේවකයන් රියදුරන් ඇතුළුව තමා පමණක් නිවසේ සිටි බවත් ස්වාමිපුරුෂයා ඒ වන විට කාර්යාලයේ සිටි බවද සාක්ෂිකාරිය සඳහන් කළා ය. එම අවස්ථාවේදී විමර්ශන නිලධාරියා විසින් කපිල චන්ද්‍රසේන නිවසට පැමිණ පළමුව ප්‍රකාශ කළේ, කුමක්දැයි විමසා සිටි අවස්ථාවේදී හලෝ අනුෂ්කා යනුවෙන් ප්‍රකාශ කළ සිටි බව සාක්ෂිකාරිය අධිකරණයට දැන්වූවා ය. ඉන්පසු කපිලට කොමඩු ජූස් දෙකක් බත් එකක් සහ කිරි කෝපි වීදුරුවක් ලබා දුන් බවත් ඉන්පසු ඔහු නිවසට ගිය බවත් ප්‍රියංගි අනුෂිකා සාක්ෂි ලබාදෙමින් අධිකරණයට දැන්වුවා ය. කපිල චන්ද්‍රසේන නැවත ඇයගේ නිවසට පැමිණියා ද යන්න විමර්ශන නිලධාරියා අසා සිටි අවස්ථාවේදී ඇය සාක්ෂි ලබාදෙමින් මෙලෙස සඳහන් කළා. “නැවත කපිල ආවේ ඊළඟ දවසේ හවස ඒ කියන්නේ බ්‍රහස්පතින්දා හතරට විතර හරියටම වෙලාව මතක නෑ . තනියම තමයි ආවේ. ඒ වෙලාවේ මගේ පුතා ඇවිත් කාමරේ හිටියා තව මගේ සේවකයෝ හිටියා. කපිල ඇවිත් මට යතුරක් දුන්නා. මම ඇහුවා මොකටද කියලා. ඒ වෙලාවේ කිව්වා මගේ කාර් එක ඩ්‍රයිවර් කෙනෙක් යවලා ගෙදරට දාලා එන්න කියලා. ඊට පස්සේ මම මගේ ඩ්‍රයිවර්ට යතුරු ලබාදුන්නා. යනුවෙන් අධිකරණයකට සාක්ෂි ලබා දුන්නා ය. එම අවස්ථාවේදී ප්‍රියංගි අනුෂ්කාගේ ස්වාමිපුරුෂයා වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා නිවසේ සිටීදැයි අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් ඇය මෙලෙස සාක්ෂි ලබා දුන්නා ය. ” මගේ ස්වාමිපුරුෂයා 4.30ට වගේ ආවේ. කම්ෆ්අරන්ස් මීටින් එකකට ආවේ කෙලින්ම කාමරේට ගියා. එයා දැක්කා කපිල ඇවිත් ඉන්නවා. මට කිව්වා ලෝයර් හම්බෙන්න ගිහින් ආවා කියලා. මගේ ස්වාමිපුරුෂයා ආපු ගමන් චීෆ් ගෙස්ට් වැඩසටහනකට යනවා කියලා ආයෙත් ගියා ලෑස්ති වෙලා ඉන්න කිව්වා ලෝයර් හම්බෙන්න යන්න. අරවින්ද අපොයින්මන්ට් එකත් දාලා තියෙනවා කිව්වා. ඒ වෙලාවේ ඇප තියන්න ගිය අයයි අපිත් එක්ක යන්න ආවා. ඒකේ දෙන්නෙක් මං අඳුරනවා. චමිල් සහ ශාන්ත කියලා දෙදෙනා. එච්චරයි මම අඳුරන්නේ. ඒ වෙලාවේ කපිල හිටියේ පළමු තට්ටුවේ හිටපු තැනමයි. යනුවෙන් සාක්ෂිකාරිය වැඩිදුරටත් අධිකරණයට සාක්ෂි ලබා දුන්නා ය. “අපි නැවත ලෝයර් හම්බෙලා දහයට විතර ගෙදර ආවා. අපි කන්න අරගෙන ආවේ. අපි එන සද්දෙ ඇහෙනකොට කපිලත් පහළට ආවා. ඒ වෙලාවේ කපිල හම්බෙන්න කවුරුත් ආවේ නෑ. රාත්‍රී ආහාර වේල කපිල ගත්තේ නැහැ. රාත්‍රි 10.45 ට විතර පුතා එක්ක මම උඩට ආවා. ඒ වෙලාවේ කපිල හිටියේ පහළ. ඇඳුම් අරන් ඇවිත් තිබුණේ නැහැ. ඇඳුම් ගත්තේ කොහොමද කියලා මට දැනීමක් නැහැ. 11 ට විතර නිදාගන්න ගියා. නිවසේ උඩ කවුරුත් හිටියේ නැහැ. යනුවෙන් සාක්ෂිකාරිය වැඩිදුරටත් අධිකරණයට සාක්ෂි ලබා දුන්නා ය. කපිල නින්දට ගියේ අපි ලොකු පුතාගේ කාමරයේ. අරවින්ද තමයි කෝල් කරලා කිව්වේ. එයාට ඉන්න කාමරයක් ලෑස්තියි කරන්න කියලා. මම සේවකයෙකු ලවා කාමරයක් ලෑස්ති කරලා තිබ්බා. මම කපිල නින්දට ගිය වෙලාවක් දන්නේ නැහැ. “යනුවෙන් ප්‍රියංගි අනුෂ්කා අධිකරණයට සාක්ෂි ලබා දුන්නා ය. “පහුවදා මම ඇහැරෙන කොට උදෑසන 4.00ට විතර අවදි වුණේ ඒ ගමන් මම බුදුන් වදිනවා. කපිල කාමරයේ දොර වහලා තිබ්බේ මම ඔහු නිදි ඇති කියලා හිතුවා. බුදු කුටියට වෙලා හිටියා . ඒ වෙලාවේ දැක්කා දොර වහලා තියෙනවා. උදෑසන 6.00ට පුතාව නැගිට්ටුවා. ඉස්කෝලෙ යන්න මහත්තයත් කතා කරා. මම වැඩට යන්න ඇදගන්න ගියා. ඒ වෙලාවේ ලෝයර් ඇවිල්ලා. හිටියේ මට කිව්වා මගේ මහත්තයා ලෝයර්ට තේ එකක් ලෑස්ති කරන්න කියලා. “ “මහත්තයා කිව්වා කෝල් කළා. කපිල දොරටත් ගැහුවා දොර අරින්නේ නැහැ කියලා. ඒ වෙලාව හතට විතර. නීතිඥ මහතා නිවසට පැමිණලා හිටියේ. ඊට පස්සේ මායි ලෝයර් මහත්තයයි අපි දෙන්නා උඩට ගිහින් දොර අරින්න බැලුවා. දොර අරින්න හැකියාවක් වුණේ නැහැ. ඊට පස්සේ ගෙදර දොරවල් සියල්ල අරින්න පුළුවන් මාස්ටර් කී යතුරක් තියෙනවා ඒක දන්නේ මම විතරයි. ඒකෙන් දොර ඇරියා. “මම ඒ වෙලාවේ දැක්කා ඇඳේ කවුරුත් හිටියේ නෑ. පුටුව බාත්රූම් දොර පැත්තට හරවලා තිබුණේ. එච්චරයි මම දැක්කේ. ලොයර් මහත්තයා කිව්වා අපි එළියට යමු. කියලා ඒ අවස්ථාවේදී රෝහලට නීතිඥවරයා කතා කළා. නීතිඥවරයා කිව්වා මොකක් හරි අසනිපයක් තියෙනවා නම් අපි වෛද්‍යවරයෙකුට පෙන්නන්න ඕනේ කියලා. මම ඒ වෛද්‍යවරයාගේ මූණ දන්නේ නැහැ. ඉන් පස්සේ වෛද්‍යවරයෙක් සහ ඇම්බියුලන්ස් එකක් ආවා මම ඊට පස්සේ පහළ හිටියේ. මම දන්නෑ ඉන් පස්සේ මොනාදෝ වුණේ කියලා. මම ඔෆිස් යන්න ලෑස්ති වෙලා හිටියේ මම ඔෆිස් යන්න වෙන්නේ නෑ කියලා කතා කරලා කිව්වා. යනුවෙන් සාක්ෂිකාරිය අධිකරණයට සාක්ෂි ලබා දුන්නා ය. එම අවස්ථාවේදී විමර්ශන නිලධාරියා සාක්ෂි විමසමින් සඳහන් කර සිටියේ, එසේ කාර්යාලයට වැඩට නොපැමිණෙන බව කිවේ ඇයිද යන්න ය. මෙම අවස්ථාවේදී ප්‍රියංගි අනුෂ්කා සාක්ෂි ලබා දෙමින් සඳහන් කර සිටියේ, කාමරයේ ඇතුලේ මොකක් හරි ප්‍රශ්නයක් කියලා මට දැනුනා. ඒ නිසා මම වැඩට ගියේ නෑ. එක්කෝ එයා ලෙඩ වෙලා නැත්නම් මැරිලා යනුවෙන් සාක්ෂිකාරීය අධිකරණයට සාක්ෂි ලබා දුන්නා ය. එම අවස්ථාවේදී විමර්ශන නිලධාරියා සඳහන් කර සිටියේ එසේ සිතීමට හේතුවක් තිබේද යන්න ය. “එයාට අද උදේ උසාවියට පෙනී සිටින්න කියලා තිබුණානේ. රෑ හිටිය සතුටින් නොවේ stress වෙලා හිටියේ. ඒකයි මට එහෙම හිතුනේ. යනුවෙන් වැඩිදුරටත් ප්‍රියංගි අනුෂ්කා අධිකරණයට සාක්ෂි ලබා දුන්නා ය. ඉන්පසු සිද්ධිය සම්බන්ධයෙන් තුන්වන සාක්ෂිකරු වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වාගෙන් සාක්ෂි විමසීම සිදු කරනු ලැබුවේ ය. ” කපිල චන්ද්‍රසේන කියන්නේ මගේ බිරිඳගේ නංගිගේ හස්බන්ඩ්. ශ්‍රී ලන්කන් එයාර්ලයින් එකේ සහ ඔස්ට්‍රේලියාවේ තමයි වැඩ කරමින් සිටියේ. දරුවෝ ඉන්නේ පිටරට. මම ඔහු බන්ධනාගාරයේදී බලන්න ගියා. අල්ලස් කේස් එකට තමයි බන්ධනාගාරයේ හිටියේ. 5/5 ඇප ලැබිලා තිබුණා. ලෝයර් කතා කළා මුදල් ඇප සම්බන්ධයෙන්. එක්කෙනෙක් ඇප දෙන්න ඉන්නවා තව දෙන්නෙක් අවශ්‍යයි. ඒ අනුව 2020 ඇප දුන්න අය ලෑස්ති කලා. ෆඩි කියලා කෙනෙක්. ලෝයර් කතා කරලා කිව්වා ඒගොල්ලොන්ගේ ග්‍රාම සේව සහතික නෑ කියලා. මං කිව්වා සුමානයක් දෙන්න පුලුවන්ද කියලා. ඒ අනුව ඇප කන්ඩිෂන් නිසා මුකුත් කරන්න බෑ කියලා වෙනත් දෙන්නෙක් හොයන්න කියලා නීතිඥවරයා පැවසූ බව අරවින්ද සිල්වා අධිකරණයට සාක්ෂි ලබා දෙමින් පැවසුවේ ය. ඒ අනුව මගේ අම්මාගේ ඩ්‍රයිවර් වන ශාන්තගෙන් සහ චමී කියලා කෙනෙක්ගෙන් ඇප ලබා ගැනීමට කටයුතු කළා. ඒගොල්ලන් දෙන්නට ග්‍රාම සහතික ඇරගෙන එන්න කියලා කිව්වා. ශාන්ත කිව්වා උදේ හත වෙද්දිත් චමී කිව්වා හවස හතර වෙද්දිත් සහතික ගන්න පුළුවන් කියලා.එතකොට ලෝයර් කිව්වා පරක්කු වැඩියි කියලා ඊට පස්සේ මං කිව්වා ඒ වෙලාවට තමයි ගන්න වෙන්නේ කියලා යනුවෙන් අරවින්ද සිල්වා අධිකරණයට සාක්ෂි ලබා දුන්නේ ය. එහෙනම් දැන් ඉන්න එක්කෙනාගේ ගනේෂ් පෙරුමල් කියන මගේ ඔෆිස් එකේ වැඩ කරන කෙනාටයි ලක්ෂ 5 සල්ලි දීලා ඒකෙන් ගෙවලා හිටපු ඇපකාරයෝ අත්සන් කරලා සල්ලි බැඳලා අනිත් දෙන්නා ආවම ග්‍රාම සේවා සහතික දීලා කපිලව ප්‍රොඩියිස් කරන්න පුලුවන් බව නීතිඥවරයා මට දැනුම් දීලා තිබුණා. ඒ අනුව මම ක්‍රියා කළා යනුවෙන් අරවින්ද සිල්වා අධිකරණයට සාක්ෂි ලබාදීමෙන් තවදුරටත් සඳහන් කළේ ය. ඊට පස්සේ ග්‍රාම සේවක සහතික අරගෙන මගේ ගෙදරට එන්න කිව්වා මම ගනේෂ්ට උදේම එන්න කිව්වා. එකල්ලා මගේ ඩ්‍රයිවර් එක්ක එක වාහනයක් ලෑස්ති කරලා දුන්නා කපිලව එක්කන් එන්න. මං ගනේෂ්ට කිව්වා කපිලව ගෙදරට එක්කන් එන්න දවස් ගානෙකින් හරියමන් කෑමක් කාලත් නැති නිසා කියලා.” ඊට පස්සේ මම කිව්වා දවල් කෑම කාලා. පොඩ්ඩක් රෙස්ට් කරන්න කියලා.කපිල මහන්සියි කියලා පිට වෙලාගියා. ගෙදර මගේ ඩ්‍රයිවර් තමයි බැස්සුවේ යනුවෙන් අරවින්ද සිල්වා සාක්ෂි ලබාදෙමින් අධිකරණයට පැවසුවේ ය. එම අවස්ථාවේ විමර්ශන නිලධාරියා සඳහන් කර සිටියේ, එදින නැවතත් කපිල චන්ද්‍රසේන මෙම නිවසට පැමිණියාද යන්නයි. එම අවස්ථාවේදී සාක්ෂි ලබා දෙමින් අරවින්ද සිල්වා මෙලෙස සඳහන් කළේ ය. ” ස්වාමීනි එදින ආවේ නෑ. ඊට පහුවදා තමයි ආවේ ඒ මැයි මාසේ හත්වෙනිදා. මට උදේ කෝල් එකක් දුන්නා. කවුරුන් නැති වෙලාවේ බොහොම ස්තුතියි මට උදව් කරාට කියලා.මාත් එක්ක විනාඩි දහයක් පහළොවක් කතාකරා. ඊට පස්සේ ගනේශ්ව එවන්න කිව්වා අර සල්ලි ටික දෙන්න. මං කිව්වා ඒක දැම්ම හදිසි නෑ කියලා. ඊට පස්සේ දවල් වෙලා ගනේශ් එහෙට යැව්වා. ඒ වෙලාවේ ගනේෂ් මායි දෙන්නම හිටියා ඔෆිස් එකේ. මම ටික වෙලාවක් ඔෆිස් එකේ ඉද්දි කිහිප දෙනෙකුගෙන් කෝල් එකක් ආවා කපිලට ප්‍රශ්නයක් කියලා. මම ඒ වෙලාවේ කෝල් ගත්තම කපිලගෙන් ඇහුවා මොකක්ද ප්‍රශ්නේ කියලා. ආයෙත් උසාවි කේස් එකක් තියෙනවා කිව්වා මට කේසස් තේරුමක් නෑ.එහෙනම් ගෙදරට එන්න ලෝයර් එක කතා කරන්න අපි යමු කියලා මම කිව්වා යනුවෙන් අරවින්ද සිල්වා අධිකන්ට සාක්ෂි ලබා දුන්නා. කපිලට එන්න කියලා මට ඉන්ටවිව් එකක් තිබ්බා මම ඒකට ඔන්ලයින් සහභාගි වුණා. ලෝයර් කිව්වා මේ ප්‍රශ්නෙට හරියට විස්තර දැනගන්න ඕනි කියලා මං කිව්වා ඇප තියපු අයයි ඔක්කොම එක ගැන ලෝයර් හම්බෙන්න එන්නම් කියලා. හැබැයි ලෝයර් කිව්වා කපිලව එකන් ඉන්න එපා කියලා. මමයි බිරිඳයි ඇප තිබූ අයයි අපි කට්ටිය ගියා ලෝයර් හමුවෙන්න. ඒ වෙනකන් කපිල ගෙදර හිටියේ. මම වයිෆ්ට කෑම ටිකක් ලෑස්ති කරන්න කිව්වා. අපි ඔක්කොම කෑවා. කෑම කාලා එයා රාත්‍රියගත කරමින් හිටියේ. හෙට උදේම ප්‍රොඩියුස් කරන්න ඕනි. කපිලව උසාවියට යනුවෙන් රි⁣යන්සි නීතිඥවරයා දුරකතන ඇමතුමක් දීලා ප්‍රියන්ත කියලා නීතිඥවරයෙකුගේ නම්බරයක් මට දුන්නා. උදේ පාන්දර මේ එයා නිවසට එනවා කියලා කිව්වා. ඒ වෙද්දි කපිලට බොර්න් ඉෂූ වෙලා තිබ්බේ. කපිල ඒ වෙලාවේ ගෙදරින් යන්න ඇහුවට දැන් රෑ කොහෙවත් යන්නේ නැතුව මෙහේ ඉන්න එක වැඩිය හොඳයි කියලා නීතිඥවරයා සඳහන් කරලා තිබුණා. නීතිඥවරයා අටවෙනිදාට එන්නම් කිව්ව බව අරවින්ද සිල්වා අධිකරණයට දැන්වයූයේ ය. කපිල ගෙදරට යන්න ඕනි කියලා කියලා කිව්වා ඇඳුම් ටිකක්වත් ගේන්න. සරමක් තියෙනවද කියලා මගෙන් ඇහුවා මං කිව්වා සරම් ඕනි තරම් තියෙන්නේ කියලා. ඊට පස්සේ බෙහෙත් වගයකුයි ඇඳුම් වගයෙකුයි ගේන්න යන්න ඕනි කිව්වා. වෙලාව මට හරියටම මතක නෑ. කපිල මහත්තයාගේ ගෙදර වැඩ කරන කෙනාට කතා කරලා කිව්වා බෙහෙත් ඇඳුම් සහ ජිම් මැට් එකයි එවන්න කියලා. ඒ වෙලාවේ ෆෝන් එක ඉස්පිකර් දාලා තමයි තිබුණේ. මම ඇහුවා මොකටද ජිම් මැට් එකක් ජිම් යන්නද කියලා. නැහැ නෑ ඇඳුම් එල්ලන්න ගන්න ඒකෙ මොකක්ද ඕනේ කියලා කිව්වා. මම ඊට පස්සේ මගේ ඩ්‍රයිවර්ට කිව්වා සර්ගේ ඇඳුම් බෑග්‍ එක අරන් එන්න කියලා. මට පස්සේ ඇහුනා ආයෙත් කෝල් කරලා ඒ සේවිකාවකට කියනවා සරම යට තියෙන්නේ කියලා අර මොකද්ද කිව්ව එක. ඒ කියන්නේ ජිම් මැට් එකේ මොකක්ද එක සරම යට තියෙනවා කිව්වා යනුවෙන් අරවින්ද සිල්වා අධිකරණයට තවදුරටත් සාක්ෂි ලබා දුන්නේ ය. ඊට පස්සේ ඒ බෑග් එක ගෙනල්ලා කෑම කාමරයේ තිබ්බා. ඊට පස්සේ කපිලයි මායි කතා කර කර හිටියා. කපිල නිතරම කිව්වේ මම එළියට ඇවිල්ල දවසයි ආයිත් මේගොල්ලෝ මාව ඇතුළට දාන්න හදනවා. යනුවෙන් අරවින්ද සිල්වාට පැවසූ බව අධිකරණයට දැන්වීය. එම අවස්ථාවේදී වොරි වෙන්න එපා. මේක සුළු දෙයක් අපි මේක විසඳගමු යනුවෙන් අරවින්ද සිල්වා ඔහුට පැවසූ බවද අධිකරණයේදී සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේ ය. ඊට පස්සේ දෙන්නත් එක්ක උඩට ගියා මං එයාට කාමරයක් පෙන්නලා මේ කාමරේ ඒසී දාලා ඔක්කොම ලෑස්ති කරලා දුන්නා. හොඳට ගිහින් රිලැක්ස් කරන්න කියලා. එම අවස්ථාවේදීත් කපිල මම එළියට ඇවිත් දවසයි ඒ යනුවෙන් පැවසුවේ ය. ඉන්පසුව හතයි පහළොවට පමණ මම එලාම් එක වදිනකොට නැගිට්ටා මම දෙපාරක්ම ට්‍රයි කරා දොර අරින්න කෝල් ගත්තා. බාත්රුම් එකෙත් දොරට තට්ටු කළා. මම හිතුවේ නානවද දන්නේ නැහැ කියලා. මම ආයේ පහළට ගියා. ඒ වෙලාවේ ලෝයර් ඇවිල්ලා හිටියේ. මම ලොයර්ටයි වයිෆ්ටයි විස්තරේ කිව්වා කිසිම රෙස්පොන්ස් එකක් නැහැ කියලා. ඊට පස්සේ මං කී එකෙන් ඇරලා බලන්න කියලා නීතිඥවරයායි මගේ බිරිඳයි උඩට ගියා ය. ඒ වෙලාවේ ලෝයර් මට කිව්වා අන්කොන්ෂියස් කියලා. ඒකම ලෝයර් කිව්වා හොස්පිටල් එකට කෝල් කරමු කියලා. මම කාමරයේ ඔලුව දාලා බැලුවා මොකද්ද එකක් එල්ලිලා තියෙනවා විතරයි මම දැක්කේ. මම වෛද්‍ය අර්ජුනාටත් කතා කරා. වෛද්‍යවරිය පැමිණිලා කිව්වා නැති වෙලා කියලා. සිද්ධියට අදාල අනෙකුත් සාක්ෂිකරුවන් පස්දෙනාගෙන් සාක්ෂි විභාගය ලබන 14 දින කැඳවීමට අධිකරණය දින නියම කළේ ය. එහිදී විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරනු ලැබුවේ ය. ඒ අනුව, වැඩිදුර වාර්තාව සමග පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ ඇමුණුම් දෙකක්ද පොලීසිය අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී කොළඹ අපරාධ කොට්ඨාශ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මරණකරුගේ ශරීරයෙන් ලබාගත් ලේ සාම්පල් දෙකක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට අවසර ඉල්ලා සිටියහ. එමෙන්ම සැකකරුගේ ජංගම දුරකතනයේ මුරපදය වශයෙන් ඔහුගේ මුහුණ සටහන්ව ඇති නිසා එය විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් එම නිසා අදාළ ජංගම දුරකතනය එය නිෂ්පාදනය කළ සමාගමට හෝ නිසි ආයතනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියහ. එමෙන් ම, අපරාධ ස්ථානයේ තිබී සොයාගත් මරණකරුගේ ගෙල බැඳි පටිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේදැයි මහේස්ත්‍රාත්වරයා එහිදී ප්‍රශ්න කරනු ලැබුවේ ය. එය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් එය රජයේ රස පරීක්ෂකවරයා වෙතද යොමු කරන බවත් පොලීසිය එහිදී අධිකරණයට දැන්වීය. මෙහිදී මහෙස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අමතමින් “සිද්ධිය වූ ස්ථානයේ ඖෂධ වගයක් තිබුණා. ඒ වගේම කඩදාසියක හේතු හඳුනා නොගත් බෙහෙත් වගේකුත් තිබුණා. ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළාද?” යනුවෙන් විමසා සිටියේ ය. ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ඨාශයට නිලධාරීන් පවසා ඇත්තේ එම ඖෂධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වෛද්‍ය මණ්ඩලය වෙත යොමු කළ බව ය. ඉන් අනතුරුව මෙම ඖෂධ මෝසමක් මාර්ගයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ඉල්ලීමක් කරන බවත් පොලීසිය පවසා සිටියා. ඒ අනුව පොලීසිය විසින් කළ ඉල්ලීම්වලට අධිකරණය විසින් අවසර ලබා දී තිබේ.

Go to News Site