Gossip Lanka News
ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් පත් කරන ලද පරිවර්තන කමිටුවට නම් කරන ලද කුමාර සංගක්කාර මේ දක්වා ඒ සඳහා තම කැමැත්ත පළ කර නොතිබීම මෙම ක්‍රියා දාමයේ නව පරිවර්තනයක් බවට පත්ව ඇත. මේ වන විට සංගක්කාර සිටින්නේ ඉන්දීය ප්‍රිමියර් ලීගයේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරමිනි. ඔහු පදිංචිව සිටින්නේ එංගලන්තයේය. ඒ අනුව ඔහු මෙම කමිටුවට තම දායකත්වය දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කොට තිබිණ. කෙසේවෙතත් ක්‍රිකට් පරිවර්තන කමිටුව වැඩ භාර ගෙන මේ වන විට දෙසතියක් ගතවී ඇති අතර සංගක්කාර හැර අනික් අට දෙනාටම අදාල පත්වීම් ලිපි ලබා ගෙන ඇත. මේ දක්වා සංගක්කාර මේ පත් කිරීම පිළිබඳව කිසිදු ප්‍රකාශයක් හෝ නිකුත් කර නොමැත. ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වන අන්දමට ඔහු කමිටුවේ එක් සාමාජිකයකු අමතා තමන් කිසිවකු අමනාප කර ගැනීමට නොහැකි නිසා මෙම පත්වීම භාර නොගැනීමට තීරණය කර ඇතැයි පවසා තිබේ. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site