Gossip Lanka News
ගල්අඟුරු ආනයනය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා හා දූෂණ සෙවීම සඳහා පත් කරන ලද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමට දෙවන පැමිණිල්ල ඊයේ (12) දින ලැබී ඇත. ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ ස්ථාපිතකර ඇති විශේෂ කොමිෂන් සභාවට (2010 – 2014) කාලයේ සිදුවූ දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් වූ ලිඛිත සාක්ෂි සහ තොරතුරු මන්ත්‍රීවරයා නිල වශයෙන් භාරදී ඇත. පසුගිය 2010 – 2013 කාලසීමාවේ පාඨලී චම්පික රණවක සහ 2013 – 2014 කාලසීමාවේ පවිත්‍රා වන්නිආරච්චි විදුලිබල හා බලශක්ති අමාත්‍යවරුන් ලෙස කටයුතු කර ඇත. එම කාලය තුලදී පාඨලී චම්පික රණවක සහ පවිත්‍රා වන්නිආරච්චි බලශක්ති අමාත්‍ය ධුරයේ කටයුතු කර ඇති අතර එම කාලය තුළදි ටෙන්ඩර් කැඳවීමකින් හෝ නිසි කැබිනට් අනුමැතියකින් තොරව ගල්අඟුරු ආනයනය සිදුව ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. අදාළ කාලයේ සමාගම් තුනක් හරහා ගල්අඟුරු අවස්ථා 6කදී ආනයනය කිරීම සිදුව ඇති අතර එම ආනයන කිසිවක් සඳහා ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර නැති බවත් එම කාලය තුළදී මෙට්‍රික් ටොන් ලක්ෂ පහකට අධික ගල්අඟුරු ප්‍රමාණයක් ටෙන්ඩර් රහිතව ආනයනය කර ඇති අතර එමඟින් රජයට රුපියල් කෝටි 670කට අධික මූල්‍ය අලාභයක් සිදුව ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කරන ලද, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ සභාපතිත්වයෙන් යුත් මෙම විශේෂ කොමිසම මගින් 2016 ජනවාරි (01) සිට 2026 අප්‍රේල් (16) දක්වා දස වසරක කාලය තුළ සිදුවූ සියලුම ප්‍රසම්පාදන සහ මූල්‍ය ගනුදෙනු පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කිරීමට නියමිතය. ගල්අඟුරු ආනයනයේදී සිදුව ඇතැයි කියන දූෂණ හෝ වංචා පිළිබඳ තොරතුරු හා පැමිණිලි භාර ගැනීම මැයි මස (22) වැනිදා අවසන් වීමට නියමිතය. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site