Gossip Lanka News
ළමා ලිංගික අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහනායක පූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල හිමි දැනුවත් කර ඇතැයි වාර්තා වේ. මහනුවර මල්වතු විහාරයට පොලිස්පති ප්‍රිියන්ත වීරසූරිය පෞද්ගලිකවම පැමිණ මල්වතු පාර්ශවයේ මහනායක හිමි හමුවී අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන අත්අඩංගුවට ගැනීමට සිදුවන බව දැනුම් දී තිබේ. පොලිස්පතිවරයා මල්වතු පාර්ශවයේ මහනායක හිමි හමුවීමට ආ මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා මාධ්‍යයට අවසර ලබාදී තිබී නැති බව ද වැඩිදුරටත් වාර්තා වේ. මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල හිමි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සමීපමයකු ලෙස සැලකෙන අතර පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහනය වෙනුවෙන් නිල නොවන සහායෝගයද දක්වා තිබුණි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site