Collector
හිරුණිකා අත්අඩංගුවට ගන්නැයි නියෝග... පොලිසිය ඇය පසුපස! | Collector
හිරුණිකා අත්අඩංගුවට ගන්නැයි නියෝග... පොලිසිය ඇය පසුපස!
Gossip Lanka News

හිරුණිකා අත්අඩංගුවට ගන්නැයි නියෝග... පොලිසිය ඇය පසුපස!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු දෙදෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ  (15) නියෝග කළේය. 2022 වසරේ ජූලි 07 වනදා අධිකරණ නියෝග කඩකරමින් පවත්වන ලද විරෝධතාවකට අදාළ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී සැකකාරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම මත වරෙන්තු නිකුත් කර ඇත. ඇය අසනීප තත්ත්වයෙන් පසුවන බව නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නද, ඒ බව තහවුරු කිරීමට අවශ්‍ය නිල වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරන ලදී. 2022 ජූලි මස 09 වනදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිදුවීමට දින දෙකකට පෙර (ජූලි 07) පැවති උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, නිරූපමා කරුණානායක, සප්නා දීපිසිකා ඇතුළු සැකකරුවන් 10 දෙනෙකුට වැඩි පිරිසක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ඇප මත මුදා හැර තිබිණි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site