Collector
වාහන වලට ලීසිං දෙන ආයතන ලෝක අමාරුවක වැටිලා! | Collector
වාහන වලට ලීසිං දෙන ආයතන ලෝක අමාරුවක වැටිලා!
Gossip Lanka News

වාහන වලට ලීසිං දෙන ආයතන ලෝක අමාරුවක වැටිලා!

මහ බැංකුවේ විසින් වාහනයක් මිලදී ගැනීමේදී ලබා ගත හැකි උපරිම ණය සීමාව පහත දැමීම හරහා ලීසිං පදනම මත වාහන ලබාගත්තද මූල්‍ය සමාගමට එහි පරම හිමිකරු වීමට අවස්ථාවක් නොමැති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා කියයි. ඒ මහතා පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය. ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය. “මහ බැංකුව විසින් නිකුත් කරන ලද ණය ලබා ගැනීමේ ක්‍රමවේදය සියයට හැත්තෑව තිබු ලියාපදිංචි වාහන සියයට හැට දක්වා අඩු කර තිබෙනවා. ඒ වගේම ත්‍රිවීල් රථයට මුල්‍ය පහසුකම් ලබාගන්ට පුළුවන් වන්නේ සියයට හතළිහයි. එලෙසම කාර් රථවලටද සියයට හතළිහයි. මෙහෙම ගියොත් ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරගෙන යාමට මේ රටේ වාහනයක් මිලදී ගැනීමේදී ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ වගේම ගැටලුවක් තමයි ත්‍රිරෝද රථයකට සීයට හතළිහක් ලියාපදිංචි අයිතිකරු ලබා දීලා ෆිනෑන්ස් ආයතනය ගන්නේ සියයට 40 යි. එතකොට මේ මූල්‍ය ආයතනය මේ වාහනේ ලියාපදිංචි කරන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යැව්වම එහි පරම අයිතිකාර සමාගම හැටියට දාන්නේ මේ සීයට හතළිහක් ලබාදෙන ඒ මූල්‍ය ආයතනයි. එතකොට සම්පූර්ණ වාහනේ සීයට හතළිහක් ගෙවලා මේ මූල්‍ය ආයතනයට අයිති වෙනවා. මේක බරපතළ ගැටලුවක්. පරම අයිතිකාර සමාගම ලෙස ලියාපදිංචි කිරීම කිසිසේත්ම කරන්න බැහැ. මොකද සීයට හැටක් දාලා තියෙන්නේ මේ වාහනේ හිමිකරු එනම් ලියාපදිංචි අයිතිකරු. එතකොට අදින් පස්සේ මූල්‍ය ආයතනයට සිදුවෙනවා පරම අයිතිකාර සමාගම වෙනුවට උගසක් හැටියට (මෝගේජ්) ලබාගන්න. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මේ මූල්‍ය පහසුකම් ලබාගන්න පොත ලියාපදිංචි කරනකොට උගසක් හැටියට තමයි මින් ඉදිරියට කරන්න වෙන්නේ.” මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site