Collector
ඉන්ධන මිල සංශෝධනයට සූදානම්... අඩු වෙන්න නම් හේතුවක් නෑ - සිපෙට්කෝ | Collector
ඉන්ධන මිල සංශෝධනයට සූදානම්... අඩු වෙන්න නම් හේතුවක් නෑ - සිපෙට්කෝ
Gossip Lanka News

ඉන්ධන මිල සංශෝධනයට සූදානම්... අඩු වෙන්න නම් හේතුවක් නෑ - සිපෙට්කෝ

ලබන ජුනි මාසය සඳහා වන ඉන්ධන මිල සංශෝධනය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් ලබන සඳුදා (01) පැවැත්වෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කරයි. එම සාකච්ඡාවේදී ගන්නා තීන්දු තීරණවලට අනුව අදාළ මිල සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම කියා සිටියේය. කෙසේ වෙතත්, එළඹෙන ජූලි මාසය අවසන් වන තෙක් රටට ප්‍රමාණවත් ඉන්ධන තොග සංස්ථාව සතුව පවතින බැවින් හිඟයකින් තොරව ඉන්ධන නිකුත් කළ හැකි බව ද කළමනාකාර අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය. මෙවර ඉන්ධන මිල සංශෝධනයේදී මිල අඩු වීමේ හැකියාවක් නොමැති බව මීට පෙර ද ප්‍රකාශ කළ ඒ මහතා, ලෝක වෙළෙඳපොළේ මිල ගණන් අනුව යම් හෙයකින් මිල ඉහළ ගියහොත් එය පසුගිය අප්‍රේල් මාසයේ සිදු වූ මිල ඉහළ යාම තරම් විශාල අගයක් නොවනු ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.

Go to News Site