Collector
දුෂණය වලක්වන්න ආණ්ඩුවට බැරිවෙලා.. මෙහෙම ගියොත් රට හදන්න බෑ..- අගරදගුරු | Collector
දුෂණය වලක්වන්න ආණ්ඩුවට බැරිවෙලා.. මෙහෙම ගියොත් රට හදන්න බෑ..- අගරදගුරු
Gossip Lanka News

දුෂණය වලක්වන්න ආණ්ඩුවට බැරිවෙලා.. මෙහෙම ගියොත් රට හදන්න බෑ..- අගරදගුරු

දූෂණය වැළැක්වීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට වර්තමාන රජය අසමත් වී ඇති බවත්, පවතින ගනුදෙනුවල විනිවිදභාවයේ බරපතල අඩුවක් පවතින බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ අගරදගුරු මැදුරේ සංවිධානය කර තිබූ දන්සලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ. මෙහිදී රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කළ කාදිනල් හිමිපාණන් රටේ සිදුවන ගනුදෙනු විනිවිද පෙනෙන ආකාරයෙන් සංස්කරණය කර ගැනීමට රජයට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බවත්, දූෂණය වැළැක්වීමේ නිසි ක්‍රමවේදයක පවතින අඩුව හේතුවෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් පෙන්වා දුන්හ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු ජනතාවගේ පැත්තෙන් තීරණ ගන්නා ආයතනයක් නොව ලාභය අරමුණු කරගත් බැංකුවක් බව කාදිනල් හිමිපාණෝ පැවසූහ. එම කොන්දේසි මතම පමණක් රට ඉදිරියට ගෙන යාමට උත්සාහ කළහොත් රටේ ආර්ථිකය ගොඩනැගීමට නොහැකි වනු ඇති බවට උන්වහන්සේ අනතුරු ඇඟවූහ. ලෝක දේශපාලන තත්ත්වයන් සහ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බවත්, රජය කළ යුත්තේ කෙසේ හෝ උත්සාහ කර ජනතාවගේ මෙම ජීවන බර අවම කිරීම බවත් උන්වහන්සේ පැවසූහ. රට පාලනය කරන නායකයින් මීට වඩා විප්ලවීය සහ නවීන ආකාරයකින් සිතීමට පුරුදු විය යුතු බව කාදිනල් හිමිපාණන් අවධාරණය කළහ. පවතින සම්ප්‍රදායික ක්‍රමවේද වෙනස් නොකරන්නේ නම් මෙම ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගත නොහැකි බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

Go to News Site