Collector
නිළියගේ ගොඩනැගිල්ල නිසා හිටපු ලේකම් විජයරත්න අල්ලස් කොමිසමට කැඳවයි | Collector
නිළියගේ ගොඩනැගිල්ල නිසා හිටපු ලේකම් විජයරත්න අල්ලස් කොමිසමට කැඳවයි
Gossip Lanka News

නිළියගේ ගොඩනැගිල්ල නිසා හිටපු ලේකම් විජයරත්න අල්ලස් කොමිසමට කැඳවයි

ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සහ විනිවිදභාවයකින් තොරව රුපියල් මිලියන 1524.44ක (කෝටි 152කට අධික) මුදලකට කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අමාත්‍යාංශයේ හිටපු ලේකම් බී. විජයරත්න අද (1) උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ ඇත. ප්‍රවීණ රංගන ශිල්පිනියකගේ සැමියාට අයත් ‘ඩී.පී.ජේ’ නැමැති මෙම පෞද්ගලික ගොඩනැගිල්ල 2015-2019 කාලසීමාව සඳහා කුලියට ගැනීමට තීරණය කළ පාර්ශ්වයන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව ද මීට පෙර නිර්දේශ කර තිබිණි. විගණන වාර්තාවලට අනුව, කෘෂිකර්ම අමාත්‍යාංශය සතු බත්තරමුල්ල ප්‍රදේශයේ හෙක්ටයාර එකක භූමියක නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම පසෙකින් තබා, මෙම පෞද්ගලික ගොඩනැගිල්ල වෙනුවෙන් මසකට රුපියල් මිලියන 21 බැගින් වසර 5ක් සඳහා රුපියල් මිලියන 1260ක (කෝටි 126ක) කුලියක් ගෙවීමට එකඟ වී ඇත. මීට අමතරව අදාළ ගොඩනැගිල්ල ලබාගැනීමේදී රජය විසින් රුපියල් කෝටි 66ක දැවැන්ත තැන්පතු මුදලක් ද එම පාර්ශ්වය වෙත ලබාදී ඇති බව අනාවරණය වී තිබේ. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site