Collector
සුරේෂ් සලේ සියදිවි නසාගැනීමේ දැඩි අවදානමකට මුහුණ පා ඇති බව සලේගේ නීතිඥයා විසින් අධිකරණයට දන්වයි | Collector
සුරේෂ් සලේ සියදිවි නසාගැනීමේ දැඩි අවදානමකට මුහුණ පා ඇති බව සලේගේ නීතිඥයා විසින් අධිකරණයට දන්වයි
Gossip Lanka News

සුරේෂ් සලේ සියදිවි නසාගැනීමේ දැඩි අවදානමකට මුහුණ පා ඇති බව සලේගේ නීතිඥයා විසින් අධිකරණයට දන්වයි

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයේ තුන්වන සැකකරු වශයෙන් නම් කර සිටින, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු මෝසම සම්බන්ධයෙන් හෙට දින කරුණු දක්වන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොතීසි නිකුත් කර තිබෙනවා. මෙම මෝසම කැඳවීමෙන් අනතුරුව, කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායකයා පරීක්ෂාවට ලක් කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සිදු කළා. මෙම සැකකරු විශාදය, පශ්චාත් කම්පන මානසික ආතතිය සහ චිත්ත ආතතිය වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වී තිබෙන බව එම වාර්තාවෙහි දැක්වෙන බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. එමෙන්ම, එහි ස්ථාන පහක සැකකාර සලේ වධහිංසාවට භාජනය වී ඇති බවට දක්වා ඇති බවත්, මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහු අධික ලෙස මානසික පීඩනයකට ගොදුරු වී ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා. මෙහි ප්‍රතිඵලයක් ලෙස සැකකාර සුරේෂ් සලේ සියදිවි නසාගැනීමේ දැඩි අවදානමකට මුහුණ පා තිබෙන බව එම වෛද්‍ය වාර්තාව තුළින් දක්වා තිබෙන බවයි ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේ. එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, පැමිණිලිකාර පාර්ශවයේ කරුණු විමසීමකින් තොරව තමන්ට නියෝගයක් ලබා දිය නොහැකි බවයි. ඒ අනුව, මෙම මෝසම හෙට දින කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, හෙට දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතීසි නිකුත් කරන ලෙස නියම කළා. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site