Collector
ආරක්ෂකයා පොතේ අත්සන් කරන අතරේ, ඒසී යන්ත්‍රය පිටුපස සැඟවුණු සොරා හොරණ බැංකුවකින් කෝටි 3.5ක් පෑහැරගනී! | Collector
ආරක්ෂකයා පොතේ අත්සන් කරන අතරේ, ඒසී යන්ත්‍රය පිටුපස සැඟවුණු සොරා හොරණ බැංකුවකින් කෝටි 3.5ක් පෑහැරගනී!
Gossip Lanka News

ආරක්ෂකයා පොතේ අත්සන් කරන අතරේ, ඒසී යන්ත්‍රය පිටුපස සැඟවුණු සොරා හොරණ බැංකුවකින් කෝටි 3.5ක් පෑහැරගනී!

හොරණ නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) වෙත ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් මිලියන 35ක (කෝටි තුනහමාරක) මුදලක්, බැංකු පරිශ්‍රය තුළදීම උපක්‍රමශීලීව කොල්ලකා පලායාමේ අතිශය සංවේදී පුවතක් ඊයේ (03) දහවල් වාර්තා විය. මිල්ලනිය, මොරගහේන සහ පොකුණුවිට ඇතුළු තදාසන්න ප්‍රදේශවල පිහිටි අනුශාඛාවල ATM යන්ත්‍ර සඳහා මුදල් පිරවීමේ අරමුණින් මෙම මුදල් තොගය මලු දෙකක අසුරා තිබී ඇත. බැංකුවේ සහකාර කළමනාකාරවරයා විසින් අදාළ මුදල් මලු දෙක බැංකුවේ පිටුපස දොරටුවෙන් පිටත නතර කර තිබූ මෝටර් රථය වෙත රැගෙන යන අවස්ථාවේදී මෙම අවාසනාවන්ත කොල්ලකෑම සිදුව තිබේ. පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, මුදල් ප්‍රවාහනය කිරීමේදී සහකාර කළමනාකාරවරයාට අත්‍යවශ්‍ය ආරක්ෂාව සැපයීමට බැඳී සිටි ආරක්ෂක නිලධාරියා එම අවස්ථාවේදී ඔහු සමඟ ගොස් නොමැති බවයි. ඒ වෙනුවට එම තීරණාත්මක මොහොතේ ආරක්ෂක නිලධාරියා බැංකුව ඇතුළත පිහිටි ලේඛනයක අත්සන් කරමින් සිට ඇති අතර, මෙම ආරක්ෂක දුර්වලතාවයෙන් උපරිම ප්‍රයෝජන ගත් නාඳුනන පුද්ගලයෙකු බැංකුව පිටුපස සවිකර තිබූ වායුසමීකරණ (A/C) යන්ත්‍රය අසල සැඟවී සිට ඇත. සහකාර කළමනාකරු මෝටර් රථය අසලට ළඟාවෙත්ම, එකවරම ක්‍රියාත්මක වූ සැකකරු ලක්ෂ 350ක මුදල අඩංගු මලු දෙකම උදුරාගෙන ක්ෂණිකව එම ස්ථානයෙන් පලාගොස් තිබේ. සිද්ධිය සැලවීමත් සමඟ පානදුර කොට්ඨාශ භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ සහ හොරණ සහකාර පොලිස් අධිකාරීවරයාගේ සෘජු උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් වහාම විමර්ශන ආරම්භ කර ඇත. හොරණ මූලස්ථාන පොලිසියට අමතරව මිල්ලනිය සහ අගුරුවාතොට පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු කණ්ඩායම්, බැංකුවේ සවිකර ඇති ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන ඔස්සේ පලාගිය සැකකරු හඳුනා ගැනීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටී. කෙසේ වෙතත්, අදාළ බැංකුව හැර ඒ අවට වෙනත් කිසිදු ස්ථානයක CCTV කැමරා පද්ධති සවි කර නොමැති වීම විමර්ශන කටයුතුවලට යම් බාධාවක් මතුකර ඇති බව ද වාර්තා වේ. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site