Collector
සලේ පතෝල කරලක් නෙමෙයි... හොඳ රංගන ශිල්පියෙක්... ඔස්කාර් සම්මානය දෙන්න ඕන... | Collector
සලේ පතෝල කරලක් නෙමෙයි... හොඳ රංගන ශිල්පියෙක්... ඔස්කාර් සම්මානය දෙන්න ඕන...
Gossip Lanka News

සලේ පතෝල කරලක් නෙමෙයි... හොඳ රංගන ශිල්පියෙක්... ඔස්කාර් සම්මානය දෙන්න ඕන...

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ පතෝල කරලක් නොවන බවත් ඔහු හොඳ රංගන ශිල්පියෙක් බවත් ඔහුට ඔස්කාර් සම්මානය දෙන්න ඕන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කරයි. සුරේෂ්⁣ සලේගේ මානසික වෛද්‍ය වාර්තාව පිළිගත නොහැකි බවත් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් එම වාර්තාව ලබාදුන් වෛද්‍යවරයාට එරෙහිව අධිකරණ නියෝගයක් තියෙන බවද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කරයි. සුරේෂ් සලේ වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුකරය අද (04) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබිණි. එහිදී සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, 2026 වසරේ මාර්තු (24) වනදා මෙම අධිකරණයේ පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි සිය සේවාදායකයා පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඔහු පිළිබඳව වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස නියෝගයක් නිකුත් කළ බවයි. ජනාධිපති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ, “එම වෛද්‍ය මණ්ඩලය ඉදිරිපත් කළ වාර්තාවේ වෛද්‍යවරුන් විසින් කර තිබෙන නිර්දේශ මේ දක්වා ක්‍රියාත්මක වී නෑ. පෝෂණවේදී වෛද්‍යවරයා ඔහුට දිය යුතු ආහාර ලැයිස්තුවක් දීලා තිබෙනවා. විනාඩි 30ක් එළියට දාන්න කියලත් තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙලා නෑ. ඔහු අත්අඩංගුවට පත්වීමට පෙර මානසික රෝගී තත්ත්වයක් තිබුණේ නෑ. ඔහු දැන් දැඩි මානසික පීඩනය සහ දැඩි සාංකාව වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වෙලා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු සියදිවි නසා ගැනීම වැනි ප්‍රවණතාවකට යොමු වීමේ හැකියාවක් තිබෙන බවත් වෛද්‍යවරු සඳහන් කර තිබෙනවා.” අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ, “ස්වාමීනි. මේ වෛද්‍ය මණ්ඩලය මේ සැකකරු පරීක්ෂා කළේ මැයි මස හතර වෙනි දා. වාර්තාව ඉදිරිපත් කළේ මැයි මස (18) වනදා. මේ සැකකරුව සෑම බදාදා දිනයක ම ඔහුගේ නීතිඥවරු හමුවෙනවා. බිරිඳ සහ දරුවා මුණගැසෙනවා. ඒ වගේ ම සෑම සිකුරාදා දිනක ම ස්ථාවර දුරකතනයෙන් මේ සැකකරුට ඔහුගේ බිරිඳට, දරුවාට සහ මවට කතා කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ඉතින් ජනාධිපති නීතිඥවරයා සඳහන් කරන ආකාරයට මේ සැකකරුට වධ හිංසා කරලා තිබුණා නම් ඔහු ඒ බව ඔවුන්ට ප්‍රකාශ නොකළේ ඇයි? මේක කුමන්ත්‍රණකාරී ලෙස ඉදිරිපත් කළ මෝසමක්. අද සුරේෂ් සලේගේ රිට් පෙත්සම අභියාචනාධිකරණයේ කැඳවනවා. ඒ නිස යි මේ මෝසම ඊයේ ඉදිරිපත් කළේ. මේ හරහා අද දින අභියාචනාධිකරණය ඔවුන්ගේ වේදිකාවක් බවට පත් කරගන්න උත්සහ කරලා තිබෙනවා.” “මේ මානසික වෛද්‍ය වාර්තාව සම්පූර්ණයෙන් ම මා ප්‍රතික්ෂේප කරනවා. මේ වාර්තාව දීපු වෛද්‍යවරයාට එරෙහිව අධිකරණ නියෝගයකුත් තියෙනවා. මේ සැකකාර සුරේෂ් සලේ මේ වෛද්‍ය පරීක්ෂණයට මුහුණ දීලා තිබෙන්නේ හඬමින්. ස්වාමීනි මේගොල්ලෝ බුද්ධි අංශ නිලධාරීන්. යුද්දෙට ගිහිල්ලා වෙඩි තියපු අය නෙවෙයි. මේගොල්ලෝ මිනිස්සුන්ගේ මොළ හෝදන කට්ටිය. 2017 – 2019 කාලසීමාව තුළ ස්වයංඝාතක බෝම්බ කරුවන් 08 දෙනෙකු බැලන්ස් කරපු පුද්ගලයෙක් මෙයා. එහෙම පුද්ගලයෙක් හඬයි ද.? ස්වාමීනි. මොහු පතෝල කරලක් නෙවෙයි. ස්වාමීනි.. මොහු හොඳ රංගන ශිල්පියෙක්. ඔහුට ඔස්කාර් සම්මානය දෙන්න ඕනෙ. ඔහු වෛද්‍යවරුන්ට ප්‍රකාශ කරලා තිබෙනවා පිරිසක් ඇවිල්ලා ඔහුගේ ඇඳුම් ගලවන්න කිව්වා කියලා. පස්සේ පිරිසක් කකුල්වලට පහර දුන් බවත් ඔහු කියලා තියෙනවා. ඉතුරු ටික කියන්න ලැජ්ජ යි කියලත් සඳහන් කරලා තියෙනවා. ඒත් පහර දුන්නේ කවුද කියලා කියලා නෑ. ඔච්චර දෙයක් කිව්වට පස්සේ තවත් මොනව ද ලැජ්ජ වෙන්න තියෙන්නේ ස්වාමීනි. වෛද්‍ය වාර්තාවේ සඳහන් වනවා ඔහුට කෙටි අමතක වීම් තිබෙන බවට. මේක සාමාන්‍ය තත්වයක්. ඕනෑ ම අපරාධකාරයෙකුට ඒක තියෙනවා. CID අත්අඩංගුවේ ඉන්නකොට එයාලට මතක නෑ. එළියට ආවට පස්සේ මතක තියෙනවා. එනිසා මේවා පිළිගන්න බැහැ “ “ස්වාමීනී.. මේ පුද්ගලයාට අවපීඩනය, කාංසාව වැනි රෝගී තත්ත්වයන් තිබෙන බව වෛද්‍ය වාර්තාවේ සඳහන් කරලා තිබෙනවා. මේවා සාමාන්‍යයෙන් අපරාධකරුවෙකුට තිබෙන රෝගී තත්ත්වයන්. මේක නිර්මාණය කරපු වෛද්‍ය වාර්තාවක්. ඔහුට කිසි ම රෝගයක් නෑ. අත්අඩංගුවේදී ඔහුට එග් රයිස්, බිත්තර රොටි, ෆිශ් ඔයිල්, කිරි පැකට් ,කිරි ටොපි සේරම ලබා දීලා තියෙනවා. ඒවා එකක්වත් කියන්නේ නෑ. මේ වාර්තාව ඉදිරිපත් කළ වෛද්‍යවරයාගේ වාර්තාවක් පිළිගන්න බෑ. මීට පෙර ටිකිරි ජයතිලක විනිසුරුතුමා ඔහුගේ වාර්තාවක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා.” “මේ සැකකරු වෛද්‍ය පරීක්ෂණයේදී ප්‍රකාශ කරලා තිබෙනවා “ආයේ මට එතනට යන්න බෑ. මට මැරෙන්න හිතෙනවා” යනාදී වශයෙන්. ස්වාමීනී.. මේක සාමාන්‍යයෙන් ඕනෑම අපරාධකාරයෙකුට පවතින මානසික තත්ත්වයක්. සියදිවි නසා ගැනීමේ මානසිකත්වයක් එනවා. ඇතැම් අය මේ පුද්ගලයාව සියදවි නසා ගැනීමේ තත්ත්වයට පත් කරන්න උත්සහ කරනවා. අපි ඒකට ඉඩ දෙන්නේ නෑ. අධිකරණයට ඉදිරිපත් කර තිබෙන මේ වෛද්‍ය වාර්තාවේ වෛද්‍යවරු අත්සන් කරලත් නෑ. අධිකරණ වෛද්‍ය නිලධාරියා මේ සැකකරු පරික්ෂාවට ලක් කරලත් නෑ. අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ අත්සනත් නැහැ.” මේ අතර සුරේෂ් සලේ විශේෂඥ මානසික වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස කෙරුණු ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන ජූනි (10) වනදා ප්‍රකාශයට පත්කරන බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කරයි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site